
(සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ සුබ මොහොතින් අද (25) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පත් කරනු ලැබීය. ඔහු ඉකුත් 22 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ එම තනතුරේ දිවුරුම් දුන්නේය.
දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර පළාත් පාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස ද පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසද කටයුතු කළේය.
කෘතහස්ත දේශපාලනඥයකු වන ගුණවර්ධන මහතා මෙරට ප්‍රසිද්ධ වාමාංශික නායකයකුවූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ආසනයක් ගත්තු පක්ශෙන් පස්ස දොරෙන් අාව එකෙක් ජනදිපති. . ජිවිත කලෙම එකම ආසනයක් නඩත්තු කරගෙන ආව පක්ශෙ එකා අගමති.. මෙ රටෙ චන්ද තියන්නෙ කගෙ හිත සුව පිණිසද?
දැන් ඉතින් සාටකය දාගත්තතට කමක් නැහැ
තාම මන්දිරේ ලැබුණේ නැද්ද?