(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදා කිමිදුන්කරුවන් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට මෙම ගිනි යැවිය තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ඉකුත් 13 වැනි දින මෙම ගිනි අවිය පැහැරගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වැදගත්, ගිනි අවිය සොයා ගන්න ලබුනු තොරතුරු ජාලයත් හෙලි කලානම්?
අනිත් එක කොහෙද කියලා පැලවත්තේ සහෝදරවරුන්ගෙන් අහන්න
හරියටම තැන හොයාගත්තු එක තමයි පුදුමේ. වුණු දේ දැන්නම් ඉතාමත් පැහැදිලියි.
ආ සමනල පාලම යටද තිබුණේ... උපදෙස් අනුවම කරලා තියෙන බවක් පෙනී යනවා මේ අවස්ථාවේ...!
අති දක්ෂ සොයාගැනීමක්. අනිත් එකත් හෙට අනිද්දාම හොයාගන්න පුළුවන් වෙයි. ඔය විදිහටම රටේ පාතාලයින් අතේ තියෙන තුවක්කු ටිකත් අල්ලන්නකෝ...
පාලම යටට ැස්සෙ එලිබහින්න තුවක්කුව අමතක උන හොත්
කොහමද අපේ පොලිස් බල්ලන්ගෙ (සුනකයන්) වැඩ
මට නම් හිතුණා ඔය තුවක්කු කථාව යද්දීම ටික කාලයක් යද්දී ඔව්වා ටික තැන්තැන් වලින් මතුවෙයි කියලා...!
ගිණි අවියට GPS ට්‍රැකර් එකක් හයි කරලාද දන්නේ නෑ තිබ්බේ...?