
(චාපා මධුභාෂිණී)
හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගෙන නැවත පණගන්වා ගමන් ආරම්භ කළ යතුරුපැදියක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගයේදී ගිණීගෙන විනාශ වී ඇති බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
ගිණි ගැනීමට ලක්වූ යතුරුපැදියේ හිමිකරු 31 කොලනිය, යටියල්පතාන, හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගිණිගැනීමෙන් යතුරුපැදිකරුට හෝ පොලිම්හි රැදී සිටි කිසිවකුටත් හානියක් සිදුව නැති අතර යතුරුපැදිය මුළුමනින්ම ගිණීගෙන තිබු බව පොලිසිය කියයි.
ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ ද ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd