(සුජිත් හේවාජුලිගේ )
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා( 27) බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවිය. ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.
ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාලන කටයුතු සඳහා සම්බන්ධවීමට ඇති හැකියාව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අවහිර කරනු ලැබ තිබීම විශේෂත්වයකි.
එසේම වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සිදු නොවිය යුත්තක් බවද එම සංශෝධනයේ දැක්වේ.
ස්වකීය අත්සන මගින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුණහොත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දැරීමට නුසුදුසු බවද එහි දැක්වෙයි.
යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය සක්‍රියව පවතින්නේද එතෙක් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දරන බවද විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.
මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇති බවට ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වේ.
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් නොවිමසා යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් හෝ වෙනස් කිරීමක් නොකළ යුතු බවද සඳහන් වේ.
අමාත්‍යවරයකු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මඟින් ඉවත් කළ හැකි බවත් ඕනෑම අමාත්‍යවරයකුට ජනාධිපතිවරයාට යවන සිය අත්සන සහිත ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස් විය හැකි බවත් සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කැබිනට් කැබිනට් නොවන හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වන බව ද ව්‍යවස්ථා සංශෝධනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨ පුරවැසියන්ට මාත්යංශ ලේකම් තැනකද රාජ්‍ය ආයතනයක මුල් පිටුව දැරීමට නොහැකි වන පරිදි ්යවස්ථාව සංශෝධනය කළ යුතුයි. මොකද ඇමතිවරයාට වඩා එම නිලධාරියාට බලතල තියෙනවා. උදාහරණයක් ලෙස මාත්යංශ ලේකම් වරයෙකුට සියලු මුදල් හා පරිපාලන බලතල සහිතයි එය ඇමති කෙනෙක් ටවත්වත් නෑ.
ලංකාවේ අදිකරණයෙන් නිදොස්කොට නිදහස් කරනලද පුද්ගලයන් හෝ ලංකාවෙන් පලාගිය පුද්ගලයන් වන බැසිල් රාජපක්ෂ සහ ඇමෙරිකාවේ Washington, D.C. ශ්‍රී ලංකාව නියෝජනයකළ ඇමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසුරිය ද්විත්ව පුරවැසිභාවය හිමි අයවලුන් නිසාවෙන් ඔවුන් ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරතිබේ. ඒ ඔවුනට ඇමෙරිකානු පුරවැසිබාවය තිබීම හේතුවෙනි. එසේ නොවන්නට ලංකාවේ අදිකරණයකින් නිදොස් කර නිදහස් කිරීමට බොහෝ දුරට සිදුවීමට තිබේ. "ලංකාවේ ඉපදී වෙනත් රටක පුරවැසිබව හිමි" පුද්ගලයන් හට ලංකාවේ දේශපාලනයට අවස්තවක් ලබාදී ලංකාව වෙනුවෙන් කිසිදු ගිවිසුමක් වෙනත් රටක් හෝ සමාගමක් සමග අත්සන් කිරීමට අවස්ථව BLOCK කලයුතුවේ.
මේ ඔක්කොම ඔබලාගේ යැපීමට... ඉස්සෙල්ලා අහිංසක මිනිස්සුන්ට තෙල් හා ආර්ථික ගැටළු වලට විසඳුම් දෙන්න. එන එන ආණ්ඩුවේ ඇමැතිකම් නොගෙන...
ද්විත්ව පුරවැසිභාවය හිමි නොවන පුද්ගලයන් අපේ ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව තුලම සිට කොපමණ දුෂණ සහ අයතා මුදල ගනුදෙනු කරතිබේද ? එම චෝදනාවලින් නිදොස් කර නිදහස්වී තිබේද ? වෙනත් රටවල මුදල් ත්න්පත්කර තිබේද ? ජේ ආර් ජයවර්දන ජනාදිපති සමයේ සහ ඉන්පසුවද ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියේය. අදත් සිටි. කිසිවකු රට පවනුදුන්නේය. ලංකාවේ පාවාදීමට ඉතිරිව තිබෙනුයේ මොනවද ? ලෝකයේ ආයතන මගින් නයට මුදල ලබාගෙන පවත්වාගෙන යනවු රටක් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් හට මෙවැනි අවහිර කිරීමක් නොකලයුතුවේ. නමුත් යම් ආකාරයක නීතියකට යටත් කල යුතුවේ.
ඒ කියන්නෙ විදායකය පත්කිරිමට හෝ ඉවත්කිරිමට මහජනතවට අති බලය අහෝසිසිවෙනව? මෙක මාර ප්රජතන්ත්රවාදයක්නෙ?
මැතිවරණ පැරදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත් එන එකත් වැළැක්වුවොත් හොඳයි..
එතකොට 19 කළින් තිබ්බ විධායක ජනාධිපතිකම අහෝසිකරන කතාව දැන් අමතක වෙච්චි ෆයිල් එකේද? ඒවා හමස් පෙට්ටියට දාලා ඒ අයගේ සැප පහසුවට ඕනෑ ඒවා විතරක් ගොඩ දාගෙන බලයේ එල්ලිලා ඉන්නද හදන්නේ...? ඡන්දයක් තියපල්ලකෝ..!
පර්ලිමෙන්තු එන්න අවම සුදුසු කමක් නියම කරන්න. දූශණ වංචා ඇති අයට හෝ උසාවියකින් වරද කරුවී ඇති කෙනෙකු පර්ලිමෙන්තු එන්න ඇති ඉඩ කඩ නැති කර්න්න. ඒ වගේම දූශන චෝදනාවකට මොනයම්ම උසාවියකින් වරද කරු වී ඇත්නම් පර්ලිමෙන්තු මන්ත්‍රී දූරය අහෝ කරන නීති ගෙන්න. අද ලැජ්ජයි පර්ලිමෙන්තු ඉන්න අය ගැන බලනකොට කප්පම් වලට වරද කරු උනත් තම පර්ලිමෙන්තු තනතුරු දාගෙන ඉන්නව