තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 24 March 2022
‘පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න‘ විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 March 2022
‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘ සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 March 2022
ඉන්දීය ධීවරයින් 16 ක් - ටෝලර් 2 ක් නාවික හමුදා අත්අඩංගුවට මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 16 ක් සමඟ ටෝලර් යාත්‍රා දෙකක් යාපනය මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 24 March 2022
රනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය. 24 March 2022
දුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලා නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (24) පැවසීය. 24 March 2022
‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘ මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ. 24 March 2022
මාතර කාන්තාවෝ ජීවන වියදමට එරෙහිව විදි බසිති ජීවන මිල ඉහල දැමීමට එරෙහිව සවිස්ත්රී කාන්තා සංවිධානය මාතර නගරයේ දී අද උද්ඝෝෂණයක නිරත විය. 24 March 2022
ගෑස් පොලිමේ සිටි අයකු සිහි නැතිව රෝහලට දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. 24 March 2022
‘ආණ්ඩුව ඡන්දෙ දීපු අයගෙන් විතරක් නෙවෙයි නොදීපු අයගෙන්ද පළි ගන්නවා ‘ ආණ්ඩුව ඡන්දෙ දීපු අය ගෙන් පමණක් නොව නොදීපු අයගෙන්ද පළි ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 24 March 2022
රුසියන් යුවළගේ සල්ලි මල්ල කොල්ල කෑ සැකකරු අල්ලයි රුසියානු ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක්, ඇපල් ජංගම දුරකථනය සහ ඒ.ටී.එම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල කොල්ලකා පලාගිය පුද්ගලයකු පැය දෙකක් ඇතුළත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 24 March 2022
ඇමති රියදුරු ඝාතනයේ එකම පවුලේ සිව් දෙනා රිමාන්ඩ් බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ යැයි කියන එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය . 24 March 2022
කටුගස්තොට නිවසක ගින්නකින් පියා-දියණිය-පෙම්වතා මරුට කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක ඇති වු ගින්නකින් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි. 24 March 2022
මුහුද මැද අතරමංවූ රුවල් නැව හම්බන්තොටට හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය. 24 March 2022
වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. 24 March 2022
ආණ්ඩුවේ හවුල් පක්ෂ අද මහනුවරට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද (24) පෙරවරුවේ බැහැදැකීමට නියමිතව ඇත 24 March 2022
ගාල්ලේ දි පන්දම් විරෝධයක් බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් ඊයේ (23) රාත්‍රී ගාල්ල, වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි. 24 March 2022
සවස් කාලයේ තැනින් තැන වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (24) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 March 2022
ඉන්දියාවෙන් පාවෙන තටාකාංගයක් ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) ඉන්දීයාව නාවික හමුදාව වෙත ප්රදානය කළ බව නාවික හමුදාව පවසයි. 23 March 2022
ගෑස් නැතිව පාර වහයි පන්නිපිටිය මොරකැටිය හංදිය පිහිටි ගෑස් අලෙවි මධ්‍යස්ථානයෙන් ගෑස් ලබාගැනීමට පැමිණි ජනතාවට ප්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් නොකිරීම නිසා කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය මොරකැටිය හන්දියෙන් හරස් අද සවස විරෝධතාවක් පැවැත්විණි. 23 March 2022
මාදුව ගගේ බිළිඳු මළ සිරුරක් පා වෙයි කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවට අලුත උපන් කුඩා බිළිඳකගේ සිරුරක් දමා තිබියදී , ප්‍රදේශවාසීන් දැනුම් දීමමත සොයාගත් බව කටුනායක පොලීසිය කියයි. 23 March 2022
කොවිඩ් ආසාදිතයන් 292 ක් කොවිඩ් ආසාදිතයින් තව 292 ක් අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 23 March 2022
කොවිඩ් මරණ 4ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (22) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 March 2022
කෙටවල අමුණට නාන්න ආ සිසුන් අල්ලා මව්පියන්ට බාර දෙයි ගම්පහ,දාරළුව කෙටවල අරමුණෙන් දියනෑමට පැමිණ සිටි සිසුන් හය දෙනකුට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව්පියන් හට බාරදීමට බෙම්මුල්ල පොලිසිය පියවර ගත්තේය. 23 March 2022
සතොසෙන් පරිප්පු සීමා කරයි ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ. 23 March 2022
ප්‍රථම අගමැති ගුණ සමරයි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමානය ඩී. එස් සේනානායක මහතාගේ හැත්තෑ වැනි ගුණ සමරු උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පස්වරුවේ පැවැත්විණ. 23 March 2022
ඩයස්පෝරාව සමග සකච්ඡා කිරීමට සූදානම් ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 March 2022
‘‘ජා.ජ.බ‘‘ සුළඟ නුගේගොඩින් ඇරැඹෙයි ’’74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු ’’ ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී පැවැත්වෙයි. 23 March 2022
කලාප අටකට විදුලි කප්පාදුව පැය හයක් දක්වා දික් වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (24) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 10 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (23) පස්වරුවේ පැවසීය. 23 March 2022
ඉන්ධන ගැටළුවට පේරාදෙණි සරසවියෙන් විසඳුම් රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුහු විසින් නිර්මාණය කරනු ලැබූහ. 23 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026