'ලෙනෝඩ් ධූමකේතුව' ශ්‍රී ලංකාවට පෙනෙන හැටි මේ දිනවල පෘථිවියට දිස්වන ලෙනෝඩ් ධූමකේතුව (සී 2021 ඒ 1) ලබන 18 වැනිදායින් පසු ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට හැකිවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 14 December 2021
'රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලයි' රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ (2022) යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වාහාම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 14 December 2021
සිලින්ඩරයේ ගෑස් සංයුතිය කියන්න උසාවියෙන් සමාගමට කල් දෙයි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අඩංගු කළ හැකි සංයුතිය කුමක්ද යන්න සහ එම සංයුතිය අදාළ සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමට හෙට (14) වන තෙක් ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 December 2021
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ තිදෙනකු මාට්ටු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් මෝටර් රථයක් සමග අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය පවසයි. 14 December 2021
මිනිත්තු 20 කින් ’ඔමික්‍රෝන්’ සොයන්න පරීක්ෂණයක් අණුක රෝග විනිශ්චය ක්‍රමවේදයක් හරහා මිනිත්තු 20 ක් ඇතුළත ’ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයක් හඳුන්වා දීමට කොරියානු පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 14 December 2021
‘‘ආරක්ෂක මණ්ඩලයට හිටපු අගමැති එනවාට හිටපු ජනපති කැමැත්තක් දැක්වුවේ නෑ‘‘ 2018 දෙසැම්බර් 20 වැනිදායින් පසු පැවැත්වු ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවුයේ නැතැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසු විට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අප කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද පැවසීය. 14 December 2021
‘‘අමතක කළ වේදනාත්මක මතකයක් යළි මතක් කරන්න එපා‘‘- විනිසුරු මඩුල්ල කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කුදා දේව මෙහෙය සිදුකරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් සමඟ මුළු දේවස්ථානයම දුමෙන් වැසී ගිය බව පැවසු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දේව මෙහෙය පවත්වමින් සිටි ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා දැඩි හැඟුම්බරවීම හේතූවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි විය. 14 December 2021
'පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි' සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. 14 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍යාධිකාරීගේ සාකච්ඡාව වර්ජනය කරති දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වර්ජනයක නිතරව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමයට ලබාදුන් සාකච්ඡා අවස්ථාව වර්ජනය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය. 14 December 2021
තරුණ සේවා සමාගමට විදේශ රැකියා 15,000 ක් තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය. 14 December 2021
'බෝග වර්ග හතක බීජ ආනයනය සීමා කරයි' මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය කිරීම සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 December 2021
කිරිපිටි ආනයනය අත්හිටුවයි ? කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්යක්ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 December 2021
සිංහරාජයේ අතුරුදන් වූ කතුන් දින 3කට පසු හමු වෙයි එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනා දෙනියාය ප්‍රදේශයේ සොයාගත් බව පොලිසිය කියයි. 14 December 2021
රාජා එදිරිසූරියට බී.ඕ.අයි බාරයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ සිටියි. 14 December 2021
විදුලි සේවකයෝ පාරට බසිති ලංකා විදුලිබල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (14 ) කොළඹ කොටුව ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට අරඹා තිබේ. 14 December 2021
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ කටයුතුත් අහෝසියි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබූ සියලු කටයුතුද ( යෝජනා)පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 14 December 2021
කිලිනොච්චියේ ඉඩමකින් ටී.56 උණ්ඩ 1,500ක් හමුවෙයි කිලිනොච්චිය, කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ ටි.56 උණ්ඩ 1,500 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 14 December 2021
මැතිසබේ වාරාවසානට රංගේ ගෙන් චෝදනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද්දේ කෝප් සහ කෝපා කාරක සභා සඳහා දේශපාලන අන්තේවාසිකයන් පත් කරගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (14) පැවසීය. 14 December 2021
ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත . 14 December 2021
’’චීන සමාගම සමග එකඟතාවයකට’’ අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 December 2021
'කොළඹදී සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්' එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 14 December 2021
ඉන්දුනීසියාව ප්‍රබල භුමි කම්පාවකින් කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. 14 December 2021
'ආණ්ඩුව ඒකාධිපති ගමනක යනවා' තම නොහැකියාව, රට මුහුණ දී ඇති අර්බුද සහ වංචා, දූෂණ වසන් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා ඒකාධිපති ගමනක නිරතවන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 14 December 2021
'වර්ජනයෙන් තැපෑල අඩපණයි' තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඊයේ (13) පස්වරු 4.00 ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (14) පෙරවරුවේ සිට සමස්ත තැපැල් සේවය අඩාල වී ඇති බව තැපැල් හා විදුලිසංදේශ නිලධාරී සංගමයේ ලේකම් ශාන්ත කුමාර මහතා පැවසීය. 14 December 2021
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත පැවතීම සහ දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (14) දිනයේ දී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 December 2021
ගෑස් ප්‍රමිතියේ ගැටලුවක් කොළඹට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය. 14 December 2021
බූස්ටර් ගැන බොරු මත එපා කොවිඩ් එන්නතේ තෙවෙනි මාත්‍රාව නොහොත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 14 December 2021
පොහොර කෑන් පිපිරිමට හේතුව හොයා ගනි දියර පොහොර කෑන් පිපිරිමට හේතුව පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බවත් දියර පොහොර වාහනයේදී සහ ගබඩා කිරීමේදී වෙනස්වීම් සිදුවී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. 14 December 2021
රැඳවියා ගිල්ල මාලය එළියට වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (13) සොයාගනු ලැබීය. 14 December 2021
අඟේ ඉඳන් කන කෑ අඹුසැමි යුවල මාට්ටු මෙරට ප්‍රධාන පෙළේ වාහන සේවා නඩත්තු ආයතනයක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 13 කට අධික මුදලක් වංචා කළැයි කියන එම ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ අඹුසැමි යුවළක් සහ සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර කළ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබහ. 14 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026