බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට සහ අනිද්දා කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට (16) සහ අනිද්දා (17) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලේ. 15 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 December 2021
කම්කරු නායකයන් ඇගයේ කම්කරු නායකයින් ඇගයීමේ “ශ්රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි. 15 December 2021
කිරි ගොවියන්ට සුභ ආරංචියක් දියර කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසරේ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 December 2021
ප්‍රියන්ත මහතාගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 15 December 2021
අසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කල පෙත්සම විභාගය ලබන ජූනි මස 06 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කලේය. 15 December 2021
රංගන හේරත්ට කොරෝනා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබේ. 15 December 2021
කොළඹ ස්ථාන 09ක් ඩ්‍රෝන නිරීක්ෂණයට රථවාහන තදබදය සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 09ක් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන පාලනය සම්බන්ධයෙන් ගුවන් හමුදාව දිනපතාම ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය දක්වන බව ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 15 December 2021
ආයෝජන මණ්ඩලයේ සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වන රාජා එදිරිසූරිය මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී අද (15) වැඩ බාරගත්තේය. 15 December 2021
'බෙදුම්වාදයට හිස ඔසවන්න ඉඩක් නෑ' පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධරණය ඉටුකිරිමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 15 December 2021
'සියළු බර ජනතාවගේ හිසමත' අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 December 2021
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 ට ආරම්භ කළ වැඩවර්ජනයක් අවසන් කළ බව එම සංගමය පවසයි. 15 December 2021
රාජ්‍ය ව්‍යාපාර සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාමික වයස වෙනස් වෙයි රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62තෙක් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. 15 December 2021
'එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර නෑ' කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. 15 December 2021
වෙඩි තැබීමකින් තරුණියක් මරුට නෙදුන්කේනි සේනපිලව් ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 December 2021
'චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගනන' චීන පොහොර නැවට වන්දි වශයෙන් ගෙවූ ඩොලර් මිලියන 6.7ක මුදල එම පොහොර ගැන්වීමේ තීන්දුව ගත් වගකිවයුත්තන්ගෙන් අයකරගත යුතු බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. 15 December 2021
කුරුම්බා කැඩු තරුණයා ඝාතනය කළැයි චෝදනා ලැබු විත්තිකරු නිදහස් කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි 17 වියැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) නිදොස් කොට නිදහස් කළේය. 15 December 2021
'ඩොලර් සංචිත අඩු වූ ඒකම රට ශ්‍රී ලංකාව' කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 15 December 2021
නීතිඥ සංගමයේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති හා එහි නියෝජ්‍ය සභාපති ගොනු කළ රිට් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට සහ එහි මූල්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය අද (15)අවසර දෙන ලදී. 15 December 2021
’’පොඩි ලැසී’’ 21තෙක් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්දික සී. රාගල මහතා අද (15) නියෝග කළේය. 15 December 2021
බූස්ස බන්ධනාගාරයේ් රැදවියෙක් පළා යයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 15 December 2021
ධීවරයින්ට අනතුරු ඇඟවීමක් දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
අලුතින් කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් කිරි ගොවියන්ට නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 15 December 2021
හදිසි දුම්රිය වර්ජනයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 15 December 2021
රටපුරා පොල් පැළ ලක්ෂ 23ක් නොමිලේ බෙදයි දිවයින පුරා ජනතාවට( ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්) පොල් පැළ ලක්ෂ 23 ක් ලබන වසරේදී නොමිලේ බෙදාදීමට රජය තීරණය කර ඇත. 15 December 2021
කිතුල් ආශ්රිත නිෂ්පාදන කුරුවිටදී ඇරඹේ කිතුල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්රි’ දේශීය පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ විවෘත කළේය. 15 December 2021
ලිට්රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 15 December 2021
හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය. 15 December 2021
'දුම්බර රටා' යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් කරයි යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය. 15 December 2021
දරුවාට පහර දුන් ගුරුවරයා පොලීසියට බාර වෙයි වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි බව කියන ගුරුවරයා අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී ඇත. 15 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026