(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා රුපියල් මිලියන 10,500ක මුදලක් වැය කිරීමට යෝජිත බවත් ඒ සඳහා ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැති ගැනීමට කටයුතු යොදා තිබෙන බවත් අමාත්‍යාංශය කියයි.
වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන මිල තීරණය කිරීමේ දී ගොවීන්ට හෙක්ටයාර් එකකට වී වගාව සඳහා වැය වන මුදල කොපමණදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, එම වියදම සළකා බලා වී කිලෝ ග්‍රෑම් එකක මිල තීරණය කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
වී මිල තීරණය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි ද එම කමිටුවේ සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.
එම කමිටුවේ නිර්දේශය මත වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන මිල තීරණය කරන අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි එකී මිල ප්‍රකාශයට පත් කිරීමට යෝජිතය. වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා වී කිලෝ ග්‍රෑම් එකක මිල ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගන්න මණ්ඩලය තීරණය කරයි
Bamunuarachchi Thursday, 28 July 2022 07:01 AM
ගොවියා රජයට වී නොදුන්නොත් පොහොර සහනාධාරය දෙන්න එපා...!