
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත.
මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරිය ඊයේ (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඇසැබි වදනින් බැණවැදි පාවහන් යුගලින් පහර දී ඇතැයි පැවැසෙයි.
එම සිද්ධියෙන් පසුව එම මන්ත්‍රිවරිය අද (27)දින උදැසන නගර සභාවට පැමිණ එහි මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටියදි එම ස්ථානායට පැමිණි නගර සභාවේ නිලධාරීහු හා සේවකයෝ විශාල පිරිසක් ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙසට දැණුම් දුන්හ.
එහෙත් ඇය මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ අසුන් ගෙන ඊට ප්‍රතිචාරයක් නොදැක්විමේ හේතුවෙන් ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලය වෙත රැගෙන එමට සේවකයන් කටයුතු කර ඇත.
එහිදි මහත් උණුසුම් කාරි තත්වයක් උද්ගත විය. සේවකයන් විසින් නගර සභාවට පිවිසෙන දොරටුව අභියස ඇයට චෝදනා කරමින් විවිධ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධය දක්වන්නට වුහ.එහිදි ඇය හඩා වැටෙන්නටද විය.නගර සභා සේවකයන් විසින් තමන්ට පහරදුන් බවද ඇය කීවාය. නාගරික කොමසාරිස්වරයා බැනවැදි පාවහන් වලින් පහරදිම වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයා ගෙන් සමාව ගන්නා ලෙස මෙහිදි සේවකයන් මන්ත්‍රිවරියට පවසා සිටි අතර එහිදි එම ස්ථානයට පැමිණි කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගත්තාය.
පසුව සේවකයන් මන්ත්‍රිවරිය නගර සභාවේ පිටුපසට රැගෙන ගොස් කැලිකසල අදින ට්‍රොලියක පටවා නගර සභාවෙන් පිටතට රැගෙන යාමට උත්සහා කළද තවත් පිරිසක් ඊට විරෝධය පළ කිරිමේ හේතුවෙන් එම වැයම අසාර්ථක විය.
අනතුරුව නාගරික මන්ත්‍රිවරිය නැවත නගර සභාවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන ගොස් හු හඩ හා ජල ප්‍රහාරය මැද නගර සභාවෙන් පිටතට රැගෙන ගියහ.
අනුරාධපුර පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ ආරක්සාව මැද මන්ත්‍රීවරිය පොලිස් කැබි රථයකින් නගර සභා භූමියෙන් ඉවතට රැගෙන යාමෙන් පසු සිද්ධිය සමථයකට පත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය සුනඛයාගේ තත්වයට වැටිලාද..? සිංහළයාගේ මනුස්සකම මේ ක්‍රියාවලි දැක්කාම පහත් තත්වයටම ඇදලා දමනවා...!
නගර සභාවල ඉන්නේ නගර සභිකයින් මිස මන්ත්‍රීවරු නොවේ.. මන්ත්‍රීවරු සිටින්නේ පාර්ලිමේන්තුවේ පමණි. ඒ කෙසේවෙතත් චණ්ඩි පාට් දමපු කාලේ ඉවරයි කියලා ඔයගොල්ලොම තාම ඉගෙන ගෙන නැති හැඩයි.
හොඳයි... නිර්භීතකමට ආචාරය..!
පොහොට්ටු..! ඔය නම අහනකොටත් අප්පිරියයි.
මේ පක්ෂයේ කට්ටියට මින් ඉදිරියට ලැබෙන්නේ මේ වගේ සැලකීම් තමයි.
යසයි...
අනුරාධපුරේ ගෑණු ගාව ඔය වගේ පහත් වැඩ ගොඩක් තියෙනවා...!
ලංකාවේ අහිංසක පවුල්වලට තුන්වේල කන්න නැහැ.. මිනිස්සු අසරණ වෙලා රට ඉතියෝපියාවට වඩා අන්ත තත්වයට වැටිලා... මේ පොහොට්ටුවේ අයට තාම තේරිලා නැද්ද?
මේ විදිහට රටේම ඉන්න පොහොට්ටුවන්ට සලකන්න.
අරගලයට ජයවේවා...!!!
‘‘බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමුන්ගේ තරම දැනගෙන කල්ගෙවනු...‘‘..!
මොවුන්ට ගහන්න ඕනෑ කුණුබිත්තර වලින් නෙමෙයි.., කුණු අසූචි වලින්...
කැවුම් චැම්පියන්වරුනි, වරදක් සිදු කර ඇත්නම් පැමිණිලි කරන්න. නීතිය අතට නොගෙන...
මේ මන්ත්‍රීතුමිය දැන්නේ නැතිව ඇති දැන් ජනාධිපති, පොහොට්ටුවේ ගෝඨාභය මහත්තයා නෙමෙයි කියලා.
සැලකු හැටි හොඳටම මදි