IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පොහොට්ටු පුංචි මන්ත්‍රිනියට කුණු බිත්තර ප්‍රහාරයක්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත.

මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරිය ඊයේ (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඇසැබි වදනින් බැණවැදි පාවහන් යුගලින් පහර දී ඇතැයි පැවැසෙයි.

එම සිද්ධියෙන් පසුව එම මන්ත්‍රිවරිය අද (27)දින උදැසන නගර සභාවට පැමිණ එහි මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටියදි එම ස්ථානායට පැමිණි නගර සභාවේ නිලධාරීහු හා සේවකයෝ විශාල පිරිසක් ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙසට දැණුම් දුන්හ.

එහෙත් ඇය මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ අසුන් ගෙන ඊට ප්‍රතිචාරයක් නොදැක්විමේ හේතුවෙන් ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලය වෙත රැගෙන එමට සේවකයන් කටයුතු කර ඇත.

එහිදි මහත් උණුසුම් කාරි තත්වයක් උද්ගත විය. සේවකයන් විසින් නගර සභාවට පිවිසෙන දොරටුව අභියස ඇයට චෝදනා කරමින් විවිධ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධය දක්වන්නට වුහ.එහිදි ඇය හඩා වැටෙන්නටද විය.නගර සභා සේවකයන් විසින් තමන්ට පහරදුන් බවද ඇය කීවාය. නාගරික කොමසාරිස්වරයා බැනවැදි පාවහන් වලින් පහරදිම වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයා ගෙන් සමාව ගන්නා ලෙස මෙහිදි සේවකයන් මන්ත්‍රිවරියට පවසා සිටි අතර එහිදි එම ස්ථානයට පැමිණි කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගත්තාය.

පසුව සේවකයන් මන්ත්‍රිවරිය නගර සභාවේ පිටුපසට රැගෙන ගොස් කැලිකසල අදින ට්‍රොලියක පටවා නගර සභාවෙන් පිටතට රැගෙන යාමට උත්සහා කළද තවත් පිරිසක් ඊට විරෝධය පළ කිරිමේ හේතුවෙන් එම වැයම අසාර්ථක විය.

අනතුරුව නාගරික මන්ත්‍රිවරිය නැවත නගර සභාවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන ගොස් හු හඩ හා ජල ප්‍රහාරය මැද නගර සභාවෙන් පිටතට රැගෙන ගියහ.

අනුරාධපුර පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ ආරක්සාව මැද මන්ත්‍රීවරිය පොලිස් කැබි රථයකින් නගර සභා භූමියෙන් ඉවතට රැගෙන යාමෙන් පසු සිද්ධිය සමථයකට පත විය.

 



අදහස් (18)

පොහොට්ටු පුංචි මන්ත්‍රිනියට කුණු බිත්තර ප්‍රහාරයක්

මනුස්සකම Wednesday, 27 July 2022 02:56 PM

රටේ නීතිය සුනඛයාගේ තත්වයට වැටිලාද..? සිංහළයාගේ මනුස්සකම මේ ක්‍රියාවලි දැක්කාම පහත් තත්වයටම ඇදලා දමනවා...!

:       132       46

ජයතිලක Wednesday, 27 July 2022 04:43 PM

ගැහැණියකට පහරදීම ඉතාමත් පහත් තත්වයක් වුණත් හරියට උසස් අධ්‍යාපනය නොලැබුණ තනතුරෙන් හිස උදුම්මාගත් කාන්තාවක් තමයි මෙම ජනතා නියෝජිතවරිය. ජනතා මනාප දාහක් හමාරක් ගත්තු කෙනෙක් වුණත් පළාත් පාලන ආයතන නියෝජිතයෙක් වුනොත් හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා.. ඒකනේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ... නාගරික කොමසාරිස්වරයා කියන්නේ පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරියෙක්. එහෙම කෙනෙකුට මෙහෙම අටපාස් කෙනෙක් බැන්නාම බලා සිටින අයට කේන්ති යනවා. හරිනම් මෙම තැනැත්තිය රාජ්‍ය සේවයේ අයගෙන් සමාව ගතයුතුයි.. මගේ අත් දැකීමට අනුව නම් ඇයට නැවතත් බලයට එන්නම බැහැ...

:       0       0

සෙනවිWednesday, 27 July 2022 05:46 PM

අමනුෂ්‍යයින්ට මොන මනුස්සකම්ද? ඔබේ ප්‍රතිචාරයෙන් ඔබ හඳුනාගතිමි..!

:       12       105

සුනඛThursday, 28 July 2022 12:35 AM

සෙනෙවි.... ඔබටත් අම්මා කෙනෙක් හෝ බිරිඳක් ඉන්නවා නම් කැලිකසල අදින ට්‍රොලියක පටවාගෙන යන්න හදනකොට ඔබ කරන්නේ මොකක්ද කියලා ගෙදර ඉන්න සුනඛයාට තේරෙයි..!

:       0       0

ravin Wednesday, 27 July 2022 02:57 PM

නගර සභාවල ඉන්නේ නගර සභිකයින් මිස මන්ත්‍රීවරු නොවේ.. මන්ත්‍රීවරු සිටින්නේ පාර්ලිමේන්තුවේ පමණි. ඒ කෙසේවෙතත් චණ්ඩි පාට් දමපු කාලේ ඉවරයි කියලා ඔයගොල්ලොම තාම ඉගෙන ගෙන නැති හැඩයි.

:       5       133

Andrew Wednesday, 27 July 2022 03:13 PM

හොඳයි... නිර්භීතකමට ආචාරය..!

:       15       135

siril Wednesday, 27 July 2022 04:53 PM

පොහොට්ටු..! ඔය නම අහනකොටත් අප්පිරියයි.

:       3       98

C.K.Lankaputhra Wednesday, 27 July 2022 05:39 PM

මේ පක්ෂයේ කට්ටියට මින් ඉදිරියට ලැබෙන්නේ මේ වගේ සැලකීම් තමයි.

:       11       136

රසික Wednesday, 27 July 2022 06:56 PM

යසයි...

:       1       77

Gamini Wednesday, 27 July 2022 08:41 PM

අනුරාධපුරේ ගෑණු ගාව ඔය වගේ පහත් වැඩ ගොඩක් තියෙනවා...!

:       0       0

Raja Wednesday, 27 July 2022 09:46 PM

ලංකාවේ අහිංසක පවුල්වලට තුන්වේල කන්න නැහැ.. මිනිස්සු අසරණ වෙලා රට ඉතියෝපියාවට වඩා අන්ත තත්වයට වැටිලා... මේ පොහොට්ටුවේ අයට තාම තේරිලා නැද්ද?

:       0       0

Binkunndaa Thursday, 28 July 2022 12:27 AM

මේ විදිහට රටේම ඉන්න පොහොට්ටුවන්ට සලකන්න.

:       0       0

Sena Thursday, 28 July 2022 01:58 AM

අරගලයට ජයවේවා...!!!

:       0       0

rocky Thursday, 28 July 2022 05:30 AM

‘‘බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමුන්ගේ තරම දැනගෙන කල්ගෙවනු...‘‘..!

:       0       0

hemantha kumara Thursday, 28 July 2022 07:30 AM

මොවුන්ට ගහන්න ඕනෑ කුණුබිත්තර වලින් නෙමෙයි.., කුණු අසූචි වලින්...

:       0       0

sunimal Thursday, 28 July 2022 07:41 AM

කැවුම් චැම්පියන්වරුනි, වරදක් සිදු කර ඇත්නම් පැමිණිලි කරන්න. නීතිය අතට නොගෙන...

:       0       0

Nikitha Saturday, 30 July 2022 01:51 PM

මේ මන්ත්‍රීතුමිය දැන්නේ නැතිව ඇති දැන් ජනාධිපති, පොහොට්ටුවේ ගෝඨාභය මහත්තයා නෙමෙයි කියලා.

:       1       3

Sunil Friday, 14 October 2022 12:35 PM

සැලකු හැටි හොඳටම මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site