(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන සිල්වා මාවතේ නිවසකට ඊයේ රාත්‍රියේ ටී 56 ගිනි අවියක් රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් දෙදරු පියකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ චරිත් උමයන්ග සිල්වා නැමැති තිස් හැවිරිදි දෙදරු පියෙකි.

එම පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ඌබර් සේවාවේ යෙදෙන අයකු බවත් පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා රැකියාවක් නිමවා නිවසට පැමිණ සුළු මොහොතකදී දොරට තට්ටු කළ කිසියම් පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයා දොර විවෘත කිරීමත් සමඟම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබූ ඔහු රෝහලට රැගෙන ගිය පසු මියගොස් ඇත.