
රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් උතුරු දිග පිලිපීනයේ ලුසොන් දූපත කැලැඹිණි.
භූමි කම්පාවෙන් සිවු දෙනකු මියගිය බවත් 60 කට තුවාල සිදුවුණු බවත් පිලිපීන මාධ්‍ය වාර්තා පැවැසීය. නිවාස සහ ගොඩනැගිලි රැසක් භූමි කම්පාවෙන් විනාශයට පත් විය.
භූමි කම්පාව හටගත්තේ ඩොලෝරේස් නගරයට ඔබ්බෙන් කිලෝ මිටර් 11 ක් දුරින් මුහුදු පතුළේය.
භූමි කම්පාවෙන් හානි වුණු ගොඩනැගිලි ගණන 108 කි. නායයෑම් හේතුවෙන් විනාශ වුණු නිවාස ගණන 58 කි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd