
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාතර ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක් තුළ විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
සැකකරු උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරමේ නිරත පුද්ගලයකු බවද විශේෂ කාර්ය බළකාය කියයි .
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කොක්මාදූව විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ජපන් යෙන් ලක්ෂයක්, ඇමෙරිකානු ඩොලර් 18208, යූරෝ 20035, ඉන්දියානු රුපියල් 300 , සවුදි රියාල් 500, කුවේට් ඩිනාර් 40, සිංගප්පූරු ඩොලර් 10, එංගලන්ත පවුම් 645, ඩිරාම් 1850, කටාර් රියාල් 1000, තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු (27) තරුණයෙකි ඔහු අද(28) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ මුදල් ලග තබා ගනීම අපෙ රටේ තහනම්ද?
උණ්ඩි කරන්නේ නැතුව කෙලින්ම දිග ඇරලම එව්වානම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ. (තේරෙයිද මන්දා )
මම දන්නෙ නැහැ උන්ඩියල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා.. කරුණාකර රටේ ජනතාව බොහෝ දෙනෙක් උන්ඩියල් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ ඒක පැහැදිලි කරන්න. මෙහෙම කරන්නේ බලවතෙක් වෙන්න පුළුවන්... ඔවුන් හඳුනාගෙන කුමක් හෝ දඬුවමක් දෙන්න බැරිද?