(නිමන්ති රණසිංහ)
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන නඩුවක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලබන 01 වැනිදා ආවරණය සහිතව මෙම සැකකරු ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලංකාවේ අරගල සංවිධානය කරලා විදෙස්ගත වෙනවා! අරගල කරලා ඇයි විදෙස්ගත වෙන්න??
මේ හරක්ද රට හදන්න ඉල්ලනනෙ ?
සතියකට වත් කල්දේරම් බත ලැබේවා. කෝ අර පොලිසියට ජාතික රූපවාහිනීයට ගිහින් දාපු සද්දෙ වැහිලලිද. බෙල්ල තියෙන්නෙ කොන්දෙලුද තාම
මහ බැංකු මුදල් වංචාවට වෙන්න ඇති
මෙ පුද්ගලය නාමල් රාජපක්ස එක්ක ගත්ත ෆොටො වගයක් හුවමරු වුනා පහුගිය කාලෙ.. එ ගැන මුකුත් අදහසක් නැද්ද කාටවත්?
එදා රගපෑම අල්ලනකොට තිබ්බෙ නෑ. ඉඩ ඉල්ලලපු වැඩසටහන් සැලසුම එක තමා පුතා ඔය පෙන්නන්නෙ දැන් . මතක තියාගන්න කියන්න අනිත් අයටත්. මුන් තමා අරගලය කෑවෙ. නිවාඩුවට ඇවිත් පැන ගන්න ගිහින්. අවන්කව අරගල කරානම් ටට වෙනුවෙන් මොකද අඩන්නෙ. අත් දෙක ඉස්සරහට දාල කියපන්කො මෙන්න අල්ලගන්න කියල. නීතිය කරානම් අය්යලත් බුදියන් ඉදල තව මගියෙකුගෙ සීට් එකක් නැති කලා.
මහා බැංකු හොරා නිදැල්ලේ.
ගෝටා මුලු රටම බංකොලොත් කරලා පැනලා යනකොට ඔය පොලිසියෙ මහත්තුරු නිදිද?
කෝ අපේ මානව හිමිකම් ගැන තැවෙන වීරෝධාර තානාපතිවරු, නීතිඥ සංගම්, වෘත්තීය සමිති නායකයින් නිදි ද නැතිනම් ඒ අයත් අරගල සංවිධායකයො සමඟ මෙලහට රට පැනල ද ? හිටපු ජනාධිපති කාලෙ මේක වුණානම්....? .
මේ වගේ අයට යන්න දෙන්න එපා. ලප කුමාරගෙ යාලුවෙක් නේද මෙයා.