(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
හැට නව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ , තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෙවල් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණු බවත් තමාද එසේ මහමගට වැටුණු පුද්ගලයකු බවත් ඔහු පැවසුවේය.
කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි පැවසූ විමලවීර දිසානායක මහතා මේ අය මේ රට ගෙනියන්න හදන්නේ කොතැනට දැයි සිහි බුද්ධිය ඇති සියලු දෙනා හොඳින් දන්නා බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කියමනක්...!!
අං දෙකක් මේ තඩි හරකට නොමිලේ දෙන්න කවුරුත් නැද්ද෴
දැන් තේරෙනවනේ. ආයෙත් ආවොත් හොඳටම සලකලා අරින්න ලෑස්ති වෙලා ඉන්න. ඒගොල්ලන්ට තේරෙන භාෂාවක් තියෙනවා
ජාතික ධනය කොල්ලකෑමට සහාය දුන් නුඹලා දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාවට ඡන්දයක් බලාපොරොත්තු වෙනවා සොරමුල...
ට්විටර් පණිවුඩ, ජාත්‍යන්තර ආයතනවල අනුකම්පාව මෙන්ම දේශීය වශයෙන් ද ක්‍රියාත්මක නීතිඥ සංගමය, මානව හිමිකම් සංවිධාන, ක්‍රිස්තියානි හෝ කතෝලික සංසද, විශේෂඥ වෛද්‍යවරැන්ගේ සංගමය වැනි සංගම්වලින් නිකුත් කරන "හෙළා දැකීම්" ආදිය ලැබීම සඳහා ඔබ පය ගසා සිටිය යුතු "පිලක්" තිබේ. වෙනත් පිලක සිටීමෙන් ඒ ලබා ගත හැකි නොවේ.
අරගලකාරයන් බළල් අතක්. පිටිපස්සෙන් ඉන්න බලවේග ගැන වහාම සොයා බැලිය යුතුයි.
මේ යෝදයගෙ ඔලුව පෙට්‍රල් වලින් හේදුවොත් මොලේ ටිකක් පැදෙන්න පුලුවන්.
කිසිවකුගේ දේපලක් විනාශ කිරීම පෞද්ගලිකව මම අනුමත කරන්නේ නැති නමුත් ඔබලාගේ ගෙවල් ගිනිතැබූ විට කිසිවකු ශෝක ප්‍රකාශ නොකිරීමෙන් අදහස් වන්නේ කුමක්දැයි කියා ඔබට නොවැටහීම ගැන කණගාටුයි. ඔබ ඔය කියන තරම් බලයක් සහිතව පත් වූවන් බලයෙන් පහ කිරීමට ජනතාවටම සිදු වූයේ කුමක් නිසාදැයි නොවැටහීම ගැනත් කණගාටුයි. ඒ වගේම ඒ අයගේ ඉවත් වීමෙන් බලයට පත්වූ පාර්ශව ඒ බලය ලබා ගත්තේ කෙසේදැයි කියා නොවැටහීම ගැනත් කණගාටුයි. ඇදුමෙන් හෝ පෙනුමෙන් කෙනෙකු මැනිය නොහැකි බව වඩාත් තහවුරු කලේ ඔබ ඇතුළු දේශපාලක පන්තිය බව ඔබට නොවැටහීම ගැනත් කණගාටුයි. සුදුපිරුවට ඇද, ටයි කෝට් පැළද ඔබලා මේ රටට කල දෙය අපටත් වඩා හොදින්ම දන්නේ ඔබලාය. ඔබ කියූ ලෙසටම සිහිබුද්ධිය ඇති සියළු දෙනාම හොදින් අවධානයෙන් සිටින බව පැහැදිලිවම ඔබට පවසමි.
ඇයි හොරුන්ගෙ අයිතිවසිකම් වෙනුවෙන් අරගල කරනව කියල හිතුවද? මල් පිපිල ගොයම් පැහෙන්න ඔහෙල වගෙ ගස් බල්ලන්ව පර්ලිමෙන්තු යවන්න මෙ රටෙ හරක් ැට නම ලක්ශයක් චන්දෙ දුන්න නම්.. එ කරපු තකතිරු කමට තමයි අද සමනලය පොල් කට්ට අරන් ලොකෙ වටෙ හිගමනෙ යන්නෙ..ට්විටර් පනිවිඩම තමයි එවන්න තියෙන්නෙ..
මේ රටට මෙම ව්‍යසනය සිදුවූයේ දේශපාලන බලධාරීන් ගන්නා ලද රටට ආදරේ නැති රටේ අනාගතය ගැන අල්ප මාත්‍රයක් වත් නොසිතා කටයුතු කල අධූරදර්ශි තීරණ සහ ක්‍රියාමාර්ග නිසයි. අප රටේ පාරක් හැදුවත් ගොඩනැගිල්ලක් හැදුවත් කුමන ආකාරයේ සංවර්ධන ව්‍යාපෘතියක් වුවත් එය දූෂිතව සිදු කරනු ලබයි . පාරවල් කොන්ක්‍රීට් කිරීමේදී ඇතුළු අනෙක්ත් ඉදිකිරීම් වලදී අනුමත ප්‍රමිතිය බාලකර සිදුකිරීම නිසා ඒවා ඉතා කෙටි කලකින් අබලන්වීමෙන් නැවත නැවත ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් ආයෝජනය කිරීමෙන් විදේශවලින් ලැබෙන ණය මුදල් අපතේ ගොස් තිබේ මේ සඳහා දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අමතරව වගකීම් භාර රජයේ නිලධාරීන්ද අල්ලසට ගොදුරුවී ඒ සඳහා වගකිව යුතු වේ. එමෙන්ම සමහර රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති සිය දහස්ගණනින් මුදල් ආයෝජනය කර තිබුණද ඒවා ඉදිකල තැනක් සොයා ගැනීමට නොහැකිවෙයි. උ.දා. පාරවල් ඉදිකිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘති, ක්‍රීඩා පිටිවලට පස්පිරවීමේ ව්‍යාපෘති. යනාදියයි. මේ ආකාරයෙන් දශක කිහිපයක සිට රටම වෙලාගෙන ඇති දූෂිත සංස්කෘතිය ලෝකලේ වාසනාවන්තම රට අඳුරු අගාදයකට ඇද දමා තිබේ මේ නිසා මෙලෙස ඔබලා (දොශපාලකයින්) ගොඩනගා ඇති රට නැවත සැකසීම සඳහා වෙනසක් ඉල්ලීම කල යුත්තකි.
මෝඩ උන පමණින් ගොන් කතා නොකර ඉන්නවද?
ගෙවල් විතරනෙ ගිනි ගත්තෙ. ප්‍රශ්න හදපු මහ උන්දෑ ගියාට ගෝල රොත්ත එහෙම්මමනෙ. ඉතිං කොහොමද ප්‍රශ්න විසඳෙන්නෙ.
තමුන්නහෙට ට්විටර් නැහැ කියල හඬන්න එපා ඒවා දමන්නේ වැදගත් මිනිස්සුන්ට කරදරයක් උනාම වැදගත් මිනිස්සු විසින් .විතරයි නැත්නම් ඉතින් බලන්ගොඩ මදුෂ් ට සොත්ති උපාලිටත් ජූලි චන්ග් ල එහෙම ට්විටර් පණිවුඩ දමන්න එපාය !!! ඔහේ කව්ද කියන්නත් දන්නෝ දන්නවා නෙව මුලදී අපි හිතාගෙන හිටියේ අමාරුවෙන් , දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන තැනකට ආපු හින්ද මිනිස්සුන්ගේ දුක තෙරු ගනීවි කියල නමුත් ඉතින් බලය ට ආපුවම තමුන්නැහේ ඔලුව උදුම්ම ගෙන කෙලපු පිස්සු අපි දන්නවා නෙව ට්විටෙර් එකෙක් ඕනෑම නම් ඉති කොලඹ ආපු වෙලාවක ජුලි මහත්මිය හරි අර එක්සත් ජාතීන්ගේ මානව කොමිසමේ අනා මහත්මිය හරි හම්බවෙලා එකක් දැම්ම ගන්න ( ඊට කලින් සක්විතිගේ පන්තියට ගිහින් ඉංග්‍රීසි ඉගෙනෙගෙන එන්න මොකද අරයලට සිංහල බැහැ )
ඉතින් ඉල්ලා අස්වෙන්නකෝ... අන්ද අන්ද ඉන්නේ නැතිව...!
සුදු ඇඳගෙන, බඩ වවාගෙන හොරකම් කිරීම සහ ජනතාව දුන් ඡන්දයට එරෙහිව අපරාධ කරනවාට වඩා රැවුළ, කොණ්ඩය වවාගෙන, කරාබු දාගෙන ඇත්ත යුත්ත වෙනුවෙන් කැපවීම අගනා බව ඇමතිවරයා සිහියට ගත යුතුයි.
හරක්
රට කාපු හොර හැත්ත... මරණ දැන්වීමවත් දෙන්න හොඳ නෑ.
අපාරධකාරයින්ට කරදරයක් වුනාම හැමෝම සතුටු වෙනවා...!
වනජීවි එකේ ඉඳල මොලේ කචල් වෙලා... වැඩිය ගණන් ගන්න එපා.
69 ලක්ෂයත් 2/3 ක් තියාගෙන තමයි රට මේ තත්වයට පත්කළේ... මේවට දඬුවම් මේ ආත්මයේදීම ලැබේවා...!