
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගැණීනි.
මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.
ඒ අනුව, මේ පිළිබදව කරුණු දැක්වීම සදහා සියලු වගඋත්තරකරුවන්ට අවසථාව සලසා දෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් හෙට කැදවීමට නියෝග කළේය.
මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණේ, ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දියන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, තකෝලික පියතුමන්ලා ඇතු`ථ පාර්ශ්ව 12ක් විසිනි.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුJ පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මුක්තියද වහල්ලුන්ට මෙහෙම වෙලා මදි..ජාතිවාදය අවුස්සපු බයියන්ට දැන් සැපද?
හරි නම් ව්‍යවස්ථාව වෙනස් කරලා නඩුවට පෙනීසිටිය යුතුයි. මෙම විධායක ජනාධිපතිට තියන මේ මුක්තියෙන් එක රට එක නීතියටත් පටහැනි සහ මානව අයිතිවාසකම් උල්ලංගන කිරීමක්. මේක වෙනස් කළ යුතුමයි. ගෝඨාභයත් මේකෙන් ප්‍රයෝජනය ගත්තා.
යකාගේ නීතියක්... සීයක් මරලා හරි දවසකට ජනාධිපති වුණොත්..., පවතින නඩුත් අහක දානවා.
මෛත්‍රීෙග් ලොකු තරහක් රනිල් සමග තියෙනවා.
බෝම්බ ගහපු අය පැත්තක. මොවුන් ටික ඔවුන්ට විරුද්ධව නඩු දාන්නේ නෑ...!
මොන මුක්තියක්ද...? කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කරලා, ජනාධිපති වුණාට පස්සේ ඒ ඔක්කෝමගෙන් නිදහස්. ගෝඨාටත් කොච්චර නඩු තිබුණාද? ජනාධිපති වුණාට පස්සේ ඔක්කොම කැලේ...!
රනිල් කල්යල් බලලා මේ තනතුරුවලට පත්වෙන්නේ වංචනික අරම්‍රණු කීපයක් ඇතිව. මේ මුක්තිය ලබාගැනීමත් එයින් එකක්.
මේ අය සේරම ඉහේ ඉඳන් හම ගහන්න ඕනෑ...!
බමුණා රනිල් සමග ලොකු යාළුකමක් තියෙනවා වගේ....!
කොහොම වුණත් රනිල් කියන පුද්ගලයා හරිහැටි අපේ දේශපාලඥයෝ දන්නේ... එක්කෝ හදයි නම් මීටත් එහා ජරාවෙයි...
මහබැංකු හොරා බටලන්දේ මිනි මරු රනිල්. පාදඩ මහින්ද, ගෝටා ඇතුළු රනිල්රාජපක්ෂ ආණ්ඩුවට ගහලා ඉවරයක් කරන්න අගෝ 9 හැමෝම පාරට එන්න.
මේ දෙන්නම මේ ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි. රට වනසන්න උපන් අය...
ඒකනේ මේ ආපු ගමන් සීනියස්ලා ගන්න ඒවා ඔක්කොම ගන්න යනවා.බෙනිෆිට් තව පහුවෙලා ඉල්ලන්න වැඩ හුරු උනාට පස්සේ
නීතිය ක්‍රියාත්මක වීම , අද නෙමෙයි හෙට.
මුක්තිය අවලංගු කල යුතුයි