අයියයි මල්ලී මාරුවෙයි:පිහි පහරින් අයියා මරුට හැඩරුවින් සමාන සහෝදරයන් දෙදෙනා මාරුවී සිදුවූ බහින් බස් වීමක් අතරතුර තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 51 හැවිරදි පුද්ගලයකු මියගොස් ඇති අතර පහරදුන් බව කියන බස්වල සින්දු කියන්නකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 23 March 2022
‘‘මම තාමත් ආණ්ඩුවේ‘‘ ආණ්ඩුව ඇතුළේ ස්වාධීන වෙනවානම් ඒ ගැන කල්තියා දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 March 2022
මෙම වසරට තවත් අය වැයක් එයි 2022 අයවැය යෝජනා වහා ප්රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් පැවසීය. 23 March 2022
රුපියල් කෝටි 600 ක කොකේන් රේගුව අල්ලයි පැනමාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැමිණ තිබූ කන්ටේනරයක තිබී රුපියල් කෝටි 600 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව අද පැවසීය. 23 March 2022
වැඩි වැටුප් ඉල්ලා කුරුණෑගල විරෝධයක් වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත විය. 23 March 2022
ජාජබ ජන ගඟ නුගේගොඩ දෙසට බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී. 23 March 2022
අසාද්ගේ වන්දි පෙත්සම විසි වෙයි මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දෙන්නැයි අසාද් සාලි මහතා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ප‍්‍රතිෙක්‍ෂප කළේය. 23 March 2022
අර්බුදය හමුවේ පිරිසක් ඉන්දියාවට පැනලා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිගය හේතුවෙන් පළමු ශ්‍රී ලංකා සරණාගත කණ්ඩායම තමිල්නාඩු වෙරළ තිරයට පැමිණ ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. 23 March 2022
පෝලිම් නැති ස්වර්ණමය යුගයක් එජාපය බිහි කරනවා එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණ පෝලිම් යුගය අවසන් කළා සේ මෙවරද එජාප ආණ්ඩුවක් පිහිටුවා පෝලිම් නැති ස්වර්ණමය යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 23 March 2022
බිරියගේ දොළදුක නිවන්න ගිය සැමියා බාප්පාගේ පිහි පහරින් මරුට ගැබිනි බිරියගේ ආසාව සංසිඳවීමට තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස්ගෙඩියක් කඩා ගත් 34 හැවිරිදි දෙදරු පියකු බාප්පාගේ පිහිපහරින් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. 23 March 2022
කුඩු පැකට් කළ කාන්තාවෝ හයක් මාට්ටු මෝදර,මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහ පරිමාණයෙන් හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවන් හය දෙනකු ඇතුලු සැකකරුවන් හත් දෙනකු රුපියල් ලක්ෂ 28 ට අධික. වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 March 2022
එකතු කළ අගය මත බදු පනතට මුදල් කමිටුවේ අනුමැතිය එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරිම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ හිමිවිය 23 March 2022
න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ. 23 March 2022
ඩොලරය තව ඉහළට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 292 අගයක් දක්වා අද පහළ වැටිණි. 23 March 2022
නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ලොරියෙන් ගෑස් මිලට ගනිති මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑළියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ. 23 March 2022
පරිගනක දෝෂයක් නිසා ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නවතී වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා වේ. 23 March 2022
සිංහල අවුරුද්දට පෙර පොල් , පොල් තෙල් මිල අඩු කරනවා සිංහල අලුත් අවුරුද්දට පෙර පොල් සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 March 2022
හම්බන්තොට නගරාධිපති ලෙස උප නගාරධිපති පත් වෙයි හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පවසයි. 23 March 2022
අධිකරණය අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන වාර්තාවක් ඉල්ලයි අමාත්‍ය මණ්ඩලයේ වත්මන් සංයුතිය පිළිබඳ වාර්තාවක් ලබන මැයි මස 4 වැනි දින ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය. 23 March 2022
වෛද්‍ය සාපි ගැන රාජ්‍ය පරිපාලන අමාතයංශයේ මතය අධිකරණයට දන්වයි නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය. 23 March 2022
සර්ව පාක්ෂික සමුළුව ඇරැඹෙයි සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මොහොතකට පෙර ආරම්භ විය. 23 March 2022
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. 23 March 2022
විදුලි බිල වැඩි කළොත් වතුර බිලත් වැඩි කරනවා විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. 23 March 2022
ජල ව්‍යාපෘති රැසක් ජනපති අතින් ජනතා අයිතියට ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණ. 23 March 2022
විදේශ සංචාරක ප්‍රවාහන බස්වලට ලංගමෙන් ඩීසල් විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ. 23 March 2022
වැස්ස ළඟ එනවාලු ඉදිරි දිනවල සවස් කාලයේ වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 March 2022
යකඩ හොරු ඇල්ලු පොලිසියේ දෙන්නාට තෑගි දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට දායක වූ පොළොන්නරු මහා මාර්ග යතුරු ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවයක් උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි. 22 March 2022
දොස්තරගේ මෝටර් රථයෙන් යතුරුපැදිකරුගේ මාරයා එයි මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22) මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්‍රි රෝද රථයේ ගමන්ගත් මව, පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි. 22 March 2022
තවත් කොරෝනා මරණ 4 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (21) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 March 2022
වික්ටෝරියා ජේන් නූලන්ඩ් දිවයිනට ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් ( Victoria Jane Nuland ) මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය . 22 March 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026