ගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ත් 5ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 14 December 2021
එනසාල් කඩන්න ගිය කතුන් දෙදෙනා අතුරුදන් එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 14 December 2021
අහුංගල්ලෙන් මුහුදු ගිය ධිවරයෝ තිදෙනා බෝට්ටුව සමග අතුරුදහන් අහුන්ගල්ල එගොඩමුල්ල ධිවර තොටුපොළි අද සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ධිවරයන් තිදෙනාද සමග අතුරුදහන්ව ඇති බවට යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. 13 December 2021
ආනයනය තවදුරටත් සිමා කරයි රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 13 December 2021
මහනුවර සෞඛ්‍ය සේවා කාර්යාලයේ ගිනුම් එකකයට සීල් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදු වූවා යැයි කියන රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා ඇතැයි වාර්තා වෙයි. 13 December 2021
ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි කොළඹ අක්ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 13 December 2021
රජරට සරසවියේ පළමු කාන්තා උපකුලපතිනිය පත්වෙයි ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි. 13 December 2021
‘‘සහරාන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘ 9 වතාවත් කීවත් අත්අංගුවට ගත්තේ නෑ‘‘ සහරාන් හෂිම්ගෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්න තියෙන නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2019 වසරේ සිට පාස්කු දා ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා වසර එකහාමාරකට පෙර සිටම ලිපි 09ක් මඟින් ආරක්ෂක බුද්ධි ප්‍රධානියා, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් දැනුම් දුන්නත් ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නැතැයි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික බි්රගේඩියර් චුල රත්නසිරි කොඩිතුවක්කු මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද පැවසීය. 13 December 2021
අලුත් ආසාදිතයෝ 552 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 552 දෙනකු අද(13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 December 2021
කොරෝනා අසාදිත මරණ 27ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 December 2021
‘කංසා’වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඖෂධීය ශාඛයක් ලෙස ‘කංසා’ හදුන්වන බවත් ශ්‍රී ලංකාව තුළ ‘කංසා’ ඉතාම භයානක මත්ද්‍රව්‍යයක් ලෙස බිල්ලෙක් මවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අද (13) පැවසුවාය. 13 December 2021
බාල තෙල් ගැන කියන්න කමිටුවක් ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස්කර තිබේ. 13 December 2021
‘මාස දෙකකින් ඩොලර් නොලැබුණොත් රට ගෙනියන්න බෑ‘ ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ඩොලර් බිලියන පහක වත් මුදලක් නොලැබුණොත් රට පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 13 December 2021
කුඩු නඩුවේ විත්තිකරුවෝ 24 වසරකට පසු නිදහස් වසර 24කට පෙර හෙරොයින් කිලෝ 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 13 December 2021
ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන් ලොව පළමු ’ඔමික්‍රෝන්’ මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. ’ඔමික්‍රෝන්’ පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි. 13 December 2021
‘‘යුගදනවි ගිවිසුම රහසක් නොවේ‘‘ යුගදනවි ගිවිසුම රටට හිතකර ගිවිසුමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බව එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. 13 December 2021
ඉන්ධන බවුසරය පාර හරහා පෙරළෙයි සපුගස්කන්දේ සිට කොටගල ඛනිජතෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ගිනිගත්හේන නගරයට ඉහළින් වු ඇගළුම් කර්මාන්ත ශාලාව අසල දී මාර්ගය හරහා පෙරළීමෙන් එහි ඉන්ධන කාන්දුවක් වන බව පොලිසිය කියයි. 13 December 2021
ජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 13 December 2021
මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක් කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරයි. 13 December 2021
බන්ධනාගාර පුහුණු උපදේශක විහින් අමාරුවේ වැටේ දුම්කොළ පාර්සලයක් පාවාහනක් තුළ සඟවා ගාල්ල බන්ධනාගාරට රැගෙන ඒමට උත්සහ කළ පුහුණු උපදේශවරයකු අද අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 13 December 2021
බූස්ටර් ගන්න විහාර මහාදේවී උද්‍යානයට එන්න කොවිඩ් මර්දන පළමු මාත්‍රා දෙක ලබාගත් වයස අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක දී ඉකුත් 10 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ද බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ. 13 December 2021
සාකච්ඡා අසාර්ථක වීමෙන් තැපැල් වර්ජනය ඇරඹේ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (13) පස්වරු 4.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. 13 December 2021
වයස 12- 15 අතර දරුවන්ට ෆයිසර් මාත්‍රාවක් වයස අවුරුදු 12 -15 අතර දරුවන්ටද ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 13 December 2021
මස්කෙළිය උප සභාපති පහරකා රෝහලේ මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතා ප්‍රාදේශිය සභා රැස්වීම අතර තුර එල්ල වූ විදුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 13 December 2021
අධිවේගී මාර්ගවල යන ගිලන්රථ ගාස්තුවලින් නිදහස් අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 13 December 2021
කොටදෙණියාවේ දරුවන් දෙදෙනකු අතුරුදන් කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 December 2021
දරුවන් පහක් කැලේ දමා අනියම් සැප සොයා ගිය අම්මා රිමාන්ඩ් දරුවන් පස් දෙනකු ලඳු කැලෑවක් සහිත පොල් වත්තක දමා අනියම් පුරුෂයකු හා ගිය බව කියන මව සහ ඇගේ අනියම් සැමියා බව කියන දෙදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වාරියපොළ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් අබේවර්ධන මහතා නියෝග කළේය. 13 December 2021
වත්තල මුහුදේ ගිය සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි වත්තල ප්රීතිපූර මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබූහ. 13 December 2021
ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක් මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටී. 13 December 2021
ගෑස් පිපිරුමට බිය වූ තරුණිය උඩුමහලෙන් පනී කුරුවිට බටුහේන ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි. 13 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026