
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
චේන්ෂෝ මැෂිමට අවශ්‍ය ඉන්ධන නිකුත් නොකළැයි උරණ වී දෙයියන්දර ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයාට බැණ තර්ජනය කරන චේන්ෂෝ කියතින් කපා තුවාල කිරීමට තැත් කළ ගස් කරන්නකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලීසිය පවසයි.
දිනයට අදාල අංක ඛාණ්ඩයට අයත් නොවන යතුරු පැදියක් රැගෙනවිත් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කල අවස්ථාවේ දී පිරවුම්හලේ කාර්ය මණ්ඩලය ඊට ඉඩ ලබා දී නොමැත.
පසුව ඔහු නිවසට ගොස් චේන්ශෝ මැෂිම රැගෙනවිත් ඉන්ධන ඉල්ලා තිබෙන බව කියති.
එහිදී ඇති වු බහින් බස් වීමකින් පසු එම සැකකරු චොන්ෂෝ කියත ක්‍රියාත්මක කර ඔහු සමග බහින් බස් වු පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයා කැපීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ අවට සිටි පිරිස හා පොලීසිය එක්ව එය වලක්වා ගෙන ඇත.
ඒ අනුව චේන්ෂෝ මැෂිම ද සමග සැකපිට අත්අඩංගුවට ගත් දෙයියන්දර දංහේන පදිංචි 40 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට වඩා යකඩ කියත බලසම්පන්න වුණාද..? දැන් නම් කාලය හරි කසපහර දීලා දඬුවම් දෙන යුගයකට...! කකිය කකිය රිදෙනකොට ආයි කරන්න හිත දෙන්නෙම නැතිවෙයි..