(නිමන්ති රණසිංහ)
අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (25) කරුණු වාර්තා කර ඇත.
රූපවාහිණී සංස්ථාවේ සේවකයකු කරන ලද පැමිණීල්ලකට අදාළව සී සී ටී වී දර්ශන ඔස්සේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන ඇති බවත් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියේදී පුද්ගලයන් දෙදෙනකු හදුනාගෙන ඇති අතර තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බවද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd