(නිමල කොඩිතුවක්කු)
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ රථ වලින් සියයට 75 ක් පමණ අද (25) දිනයේ ධාවනය වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඩීසල් ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් ඇතැම් පාසල් වෑන් රථ සහ බස් රථ වලට ධාවනය කිරීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
පාසල් වෑන් රථ සහ බස් රථ 48000 කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ධාවනය වේ.
මෙම පාසල් වෑන් රථ සහ බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගත්තත් එහිදී ගැටළු මතුවූ බවත් චන්ද්‍රසිරි මහතා කීවේය.
ඩිපෝ වලට ඇති දුර ප්‍රමාණය වැඩිවීම, ඩිපෝ වලින් ඉන්ධන සීමාසහිත ප්‍රමාණයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම ගැටළු මතුවූ බවත් ඔහු පැවසීය.
අගෝස්තු පළ වන දා සිට සියලූම පාසල් වෑන් රථ සහ බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd