
(තුසිත කුමාර ද සිල්වා)
ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් සවිකළ වෑන් රථයක් බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලේ තිබී සොයාගෙන ඇත.
ඉන්ධනහලේ කළමනාකරුට සැකසිති පොලිසිය සමග කළ පරික්ෂාවේදී ලිටර්‍ර් 20 ක ධාරිතාවකින් යුතු ප්ලාස්ටික් බැරලයක් එම වාහනේ ඉන්ධන ටැංකිය ලෙස සකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
ඉන්ධනහලේ එම අවස්ථාවේ රාජකාරිය නියුතුව සිටි බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා එම වාහනය ඉන්ධනහලට රැගෙන ආ රියදුරා සහ එම වාහනය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
පසුව දීර්ඝ ලෙස එම සැකකාර රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී මීට ඉහත දින කීපයක සිට මෙම රථය ඉන්ධනහල් කීපයකින් ඉන්ධන ලබාගෙන ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම කුඩා වර්ගයේ වෑන් රථයට ඉන්ධන ගබඩා කළ යුත්තේ ඉදිරිපස බොනට්ටුව විවෘත කිරීමෙන් අනතුරුව ඉදිරිපසින් බවත් එය විවෘත කිරීමෙන් අනතුරුව ව්‍යාජ ඉන්ධන ටැංකිය ආවරණය කිරීමට කළු පැහැති ආවරණයකින් සැක නොසිතන ලෙස වසා තිබූ බව පොලිසිය සඳහන් කළේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන ඉන්ධන වලින් මිනිහෙකුට යන්න පුළුවන් ගමනේ භාගයක් පමණයි. ඉතින් මිනිස්සු උත්සාහ කරනවා මොනම විදිහකට හරි ඉන්ධන ටිකක් වැඩියෙන් ගන්න. අපරාධයක් නෙමෙයි මෙවැනි දේවල්... අනික.. අන්තිමට අංකයට ගහන සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෑ.. Ex , 0, 1. 2 ට දෙන්න ඕනෑ දවස් 2 එක දිගට... එතකොට පළවෙනි දවසේ බැරි වුනොත් .. ආයි දෙවැනි දවසේ හරි ගහන්න පුළුවන්.. නමුත් දැන් තියන විදිහට පළවෙනි දවසේ බැරි වුනොත්... මිනිහා ආයි දවස් 2 හෝ 3 ඉන්න ඕනෑ.. පොඩ්ඩක් හිතන්න..