
(අංජුල මහික වීරරත්න)
"කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි" යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැටෙරි මහතා අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ රුසියා ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදුන්නේය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බව ද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙි.
"ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි"යනුවෙන් ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍ර රටක් එක්ක මිත්‍ර ශීලීව ගනු දෙනු කරන්න මොලේ පෑදේා.
එක වර්ගයේ කුරුල්ලෝ එකට වහනවා කියන්නේ මේකයි.
මේකෙ හැටියට නම් පුටින් මහත්තයා බොහොම ඕනෑකමින්, උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා අපි කරනවට වඩා... ඒක හොඳයි.
පුටින් මහත්තය අපෙ හොට්ටන්ට ලියුම් ලියන්නෙ ැහ .. මෙක රනිල්ම එයාට ලියාගත්ත එකක් !!
දෙයියො දනී අපි නොදනී... මේ බලවතා හිටන්ගේ හිතවතෙක් කියලා පුරසාරම් බාන්නේ... ආපහු සෙට්වෙන්නද යන්නේ..?
ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ඕනෑ නැති මගුල් නටන්න ලෑස්තිවෙන්න එපා කියලයි...
පුටින් විශ්වාසය තිබ්බට අපිට නම් රනිල් ගැන විශ්වාසයක් නැත. හේතුව රාජපක්ෂ ආණ්ඩුවේ සියලුම දෙනා එක්වී ඇත...
අනේ පුටින් මාමේ අපිට තෙල් ටිකක් දෙන්නකෝ...
පුටින්ට මේ වෙලාවේ ලංකාව ඕන. රුසියාවට සම්බාදක දාපු නිසා එයාට යුරොපයට අපනයනය කරන්න බැ. දැන් බලන්නේ ඉන්දීය සාගරයේ රටවල්වලට විකුණන්න. ඉතින් ඒකට හොදම තැන ලංකාව. අපිටත් පුටින් ඕන එයාට තෙල් ගැස් තිරිගු තියෙන නිසා. පුටින් රනිල්ට කියලා තියෙන්නේ ඔයා මේ වැඩේ කරාවි කියලා එය බලාපොරොත්තු වෙනවා කියලා. rebuild sl fb page එකට අනුව මේක අපේ රටට ගොඩක් වාසියි.
පුටින්ට මේ වෙලාවේ ලංකාව ඕන. රුසියාවට සම්බාදක දාපු නිසා එයාට යුරොපයට අපනයනය කරන්න බැ. දැන් බලන්නේ ඉන්දීය සාගරයේ රටවල්වලට විකුණන්න. ඉතින් ඒකට හොදම තැන ලංකාව. අපිටත් පුටින් ඕන එයාට තෙල් ගැස් තිරිගු තියෙන නිසා. පුටින් රනිල්ට කියලා තියෙන්නේ ඔයා මේ වැඩේ කරාවි කියලා එය බලාපොරොත්තු වෙනවා කියලා. rebuild sri lanka fb එකට අනුව මේක අපේ රටට ගොඩක් වාසියි.
ඔය තමයි යහලුවෝ දෙන්නගෙම අතේ ලේ
රනිල් රුසියාවට නැඹුරු උනොත් මම හිතන්නේ හොඳයි කියල ,මොකද තෙල් ,ගෑස් අපට අඩුවට ගන්න පුළුවන් .ඒත් ඒජන්සි මාෆියාව ඒකට ඉඩ දෙයිද කියල සැකයි...
විදේශ තානාපති වරු ගෙන්නලා රනිල් තියපු දෙසනයට පුටින් සතුටුවෙලා.
මුළු ශිෂ්ඨ ලෝකයට එපාවූ සාහසිකයෙකු වූ පුටින් සුබපතයි... අප්පිරියයි.
පුටින් ලිව්වා විතරයිනේ..., තාම තෙල් නෑනේ. සුසිල් රුසියාවට ගිහිල්ල සැප ගත්තා තෙල් ගේනවා කියලා. කෝ අර රනිල්ගේ බටහිර රටවල යාලුවන් ඇමරිකාවේ එහෙම. 134 හොරුන්ගේ ජනාධිපති කෙනෙකුට සුබ පතන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ.
සැබවින්ම මෙහි ඇත්තේ භූදේශපාලනික කරුණකි. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ලංකාවට චෝදනා කළ නිසාවෙන් චීනය හා රුසියාව ලංකාව වෙනුවෙන් සුභපැතීය. රනිල් මෙවේලේ රුසියා චීන පිලෙන් උදවු ගන්නා තැනට පත්කරගැනීම ඒ පිලේ අරමුණයි.. ඉන් යුරෝපය රිදවීම ඔවුන්ගේ අරමුණයි.. එහි අනිටු ප්‍රතිඵල ගැන කිසිවකුට වගක් නැත..
පුටින්ගෙ ලිපිය ලියපු ආකාරය "' මචන් රනිල් උබ ගැන මට පුදුමයි.චන්දෙන් උබ සහ ගෝලයො රොත්තම හොදි යන්න පරාද වෙලා ජනාධිපති උන ලෝකේ එකම මිනිහෞබ වෙන්නැති. උබට 134 පාර්ලිමේන්තුවෙ ඉන්නව. මිලියන 22ට බම්බුගහගන්න කියපන්. උන්ට ඔනේ දෙයක් 134 හොදට රැක බලා ගනින්. "
දෙන්නම ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප අය...
මේ දවස් වල විවේක සුවයෙන් පසුවෙන පුටින් මහත්තයා පෑනේ මිතුරන්ට ලියුම් ලියද්දී අත්සනවත් ගහන්නේ නැහැ වගෙයි. හීන මානයෙන් පෙළෙන අය කාගේ හරි නැට්ටක එල්ලිලා නම්බුව ගැටගහ ගන්න දඟලන එක ජානවලින්ම එන එකක්. පුටින් මහත්තයා ඕවා දන්නවා නම් හිනාවෙලා පණ යනවා...