
(අංජුල මහික වීරරත්න)
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නා හිමියෝ පැවසූහ.
විරෝධතා පවත්වමින් පාලකයින් පලවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද විපස්සි නාහිමියෝ කීහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය බාරගෙන තිබෙන බව කී විපස්සී නා හිමියෝ සියලු අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇති බවද කීහ.
සේදවත්ත විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා වන්දනාමාන කටයුතු කිරීමෙන් අනතුරුව විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායන කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය හෙලෙනා විජයවර්ධන මහත්මිය සහ දොන් පිලීප් විජයවර්ධන මහතා සඝ සතු කොට පූජා කරන ලද විහාරස්ථානයකි.
බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් දායක සභාවේ සභාපති අමරි මන්දිකා විජයවර්ධන,ලේකම් චන්න වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ..



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසේ හැටියට එයාට කාලයක් තියෙනවද රටට වැඩක් කරන්න..? මෙච්චර කල් කළේ මොනවද? පක්ෂ නායකකම බදාගෙන හිටිය එක ඇරුණාම...
කන්න ඔන උනාම කබරයාත් තලගොයා වෙනවලු
පිනට කන්න තියේ නම්.. පිනට බොන්න තියේ නම්.. මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ..එන එකා මොකා උනත්, බඩ ගෙඩිය පිරෙනවා නම්, ඉතින් ලෝභ නැතිව මුට්ටිය අල්ලනවා ෂෝක් එකට...
හාමුදුරුවන්ට නම් දානය ලැබෙනවා. මොනවා කියන්න බැරිද?
වාසි පිළට හෝයියා...
අපේ හාමුදුරුවනේ, අපි දුන්නේ 83 ඉඳලා. දැන් අවුරුදු 40ක්ම දුන්නා. තාම තොප්පිගලයි, පිටිගලයි අඳුරගන්නවත් බැහැ. මේ ගොල්ලන්ට කල්දීලාම අපේ ආච්චියි සීයයි දෙන්නම මිය ඇදුණා.. අපේ අම්මයි තාත්තත් මුන්දැලාට කල් දීලාම ජීවිතේ ගෙවලා ගියා. අපිත් දැන් මුන්දැලාටම උපන්දා ඉඳන් කල්දෙන්වා... හෙට, අනිද්දා අපේ දරුවනුත් මුන්දැලාට කල්දෙන්න පටන් ගන්නවා, කවද්ද ප්‍රතිඵලේ එන්නේ..?
අවුරුදු 1000ක් දුන්නත් මේක ගොඩගැනිලි බොරු. දැන් කවුරු ආවත් වැඩක් නැහැ.
මොනවද මෙයා මෙතන උඩදාගෙන බෙදන්නේ...? මේ ජනතාවගේ බදු සල්ලි නේද?
අගෝස්තු 9 වෙනකම් කල් දුන්නොත් ඇතිද අපේ හාමුදුරුවනේ?
හාමුදුරුවනේ පින් සිද්ද වෙයි. අද මිනිස්සු වැඩිහරියක් බඩගින්නේ ඉන්නේ ... මෙයා 6 වතාවක් අගමැති වෙලා හිටියා. මේ දෙගොල්ලන්ම රට බංකොළොත් කළා. දෙගොල්ලන්ම ඡන්දෙට කිව්වේ හොරු අල්ලනවා කියලා.. දැන් දෙගොල්ලන්ම එකතුවෙලා... මෙහෙම ගියොත් රටක් ඉතුරු වෙයිද?
ඒකනම් ඇත්ත අපේ හාමුදුරුවනේ... එයා කවදාවත් ඔරලෝසු බඳින්නේ නැහැ.. කවුරුහරි එයාට ඔරලෝසුවක් දුන්නොත් ගොඩක් පින්...!
දැන් ඉතින් පන්සල්, පල්ලි ගානේ යනකොට රටට වැඩක් කරන්න කාලයක් තියෙයිද? හරි නම් ජනාධිපති වුණු දවසේ ඉඳලා වැඩ පටන් ගන්න ඕනෑ, මෙයාලා තාම අළු ගසාදමනවා..
නිසි වැඩපිළිවෙළක් නැතිව කාලගුණ අනාවැකි වගේ හිස්බස් නොදොඩා වැඩක් වෙන දෙයක් කරන්න. ජනතාවට සහන ලැබෙන වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරන්න. ඒවට කාටවත් විරුද්ධ වෙන්න බෑනේ...
කන්න ඕනෑ වුණාම ඌරු මසුත් තලගොයි මස් වෙනවා...!
පොඩ්ඩක් කල් දෙන්න අලුත් ජනාධිපතිට. මේ රට ගොඩ ගන්න යන විදියට තව මාස 6 - 9 වත් යයි. හැම දෙයක්ම දේශපාලන කරන්න එපා.