කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් නව වැනි දා ඇතුළුූ පිරිස අතර සිටි පුදගලයකු එම මන්දිරයේ සවිකර තිබූ ජනාපති නිල කොඩිය සොරගෙන යන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කිසියම් පුද්ගලයකු මෙම කොඩිය සරමක් ලෙස හැඳගෙන යන අයුරු එහි සී.සී.ටී.වී කැමරාවල පටිගත වී ඇතැයි ද එම දර්ශන අනුව විමර්ශන සිදු කරන බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම කොඩිය අමුත්තන් මුණගැසෙන ප්‍රධාන ශාලාවේ ජාතික කොඩිය සමග සවිකර තිබූ බව ද වාර්තා වෙයි.
ඊට අමතරව ඇතැමි පිරිස් එහි තිබූ පෞරාණික භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොරගෙන ගොස් ඇති අතර ඒ අතර කොඩි ඡායාරූප, සමරු තිළිණ, විසිතුරු භාණ්ඩ, කොඩි කණු, ඓතිහාසික ඡායාරූප, ඇතුළු භාණ්ඩ රැසක් මේ අතර වන බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේර ගන්න කියල රටේ දේපල විනාස කිරීම්, මංකොල්ල කෑම, ගිනි තැබීම්, කරන්නෙම ඒ ගැන හොඳ අත්දැකීම් පුරුදු එවුන් තමයි. මුන්ට ගහල මදි. තුප්පහි. එකි නෙකාට හොඳට සලකාවි එක්කන් ඇවිත්.
මංකොල්ලකාරයො ටික අල්ල ගත්තට පස්සේ අරගලයෙ බෝඩ් එකක් අල්ලගන්නවත් කෙනෙක් නැති වෙයි වගේ
අ් මෙ පුවත් පත් මහ දුකෙන් පුවත් මවනව සිහිවටන වලට . .එව පෞානික බඩු නම් තියෙන්න ඔන කෞතුකාගරෙ නෙමෙයි ද? අනිත් එක මෙච්චරකල් එව තිබුන කියල හරි ගෝඨ පැනල යනකොට මොකුත් ඉස්සුවෙ නැහැ කියල හරි කියන්න තියෙන සාක්කි මොනවද? ඔය දුක වැදෙනව මෙ රටෙ මහජන මුදල් මන්කොල්ල කාපු ව්වුන්ට විරුද්ධව නැගෙන්නෙ ැත්තෙ අයි?
නීතිය ක්‍රියාත්මක කරන්න
ගාල කඩාගත්ත ගව රැළක් හේනකට වැදුනා වගේ
එම වැරදිකරුවන්ට නිසි දඬුවම් දිය යුතුමය. එමෙන්ම විශ්වවිද්‍යාලවල තාප්ප, ගොඩනැගිලි සහ අනෙකුත් පොදු දේපළ විනාශ කරන සංස්කෘතියත් නැති කළ යුතුය. ඊට සුදුසුම ක්‍රමය වන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රවල නඩත්තුව සඳහා සෑම ශිෂ්‍යයෙක්ගෙන්ම වසරක් පාසා යම්කිසි ගාස්තුවක් අය කිරීමයි. නොමිලේ ලැබෙන දේ වරප්‍රසාදයක් බවත්, අයිතිවාසිකම් සහ යුතුකම් යනු එකම කාසියේ දෙපැත්තක් බවත් තේරුම් ගත් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට දැන් කාලය එළඹ තිබේ.
ඇපරාදෙදෙ17,500,000 සල්ලි අරන් ඔය ටික තියල යන්න තිබ්බෙ... සල්ලි හොරකන් කරාම ප්‍ශ්න නෑ... ඇදල දාපු අම්බුඩයක් හොරකන් කරන්න තම ඉන්වෙස්ටිගේශන් ඔක්කොම
අන්තරේ ඇවිල්ලා ‘පාලු ගෙයි වළං බින්දා වගේ වැඩක් කළේ...‘
ගොඩක් බයියන්ට තවම රිදිලා තියෙන්නේ අරගලයේදී කොඩිය උස්සපු එකට. අපිම කතිරෙ ගහලා යවපු අය කෝටි ගණන් හොරකම් කරනවා. ඒවා ගාණක්වත් නෑ. ඒවා අපේ දේපළ නෙවෙයිද? අනිත් එක අර හොරාගත්තු සල්ලි මිටි ටික ගැන විමර්ශණයක් නැද්ද? ඒවාගැන කවුරුවත් කතා කරන්නේ නැහැ... ඉන්ධන, බෙහෙත් නෙමෙයි.., කන්නත් නැතිව මැරෙන්න අරින්න ඕනෑ මේ වගේ අයට මොලේ පෑදෙන්න.
මහබැංකුව වගේ ලොකුලොකු හොරකම් කරා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ.
රට කොමියුනිස්ට් වුණොත් කියුබාව, උතුරු කොරියාව වගේ හැමදාම හාමතේ...