(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී පසුගිය 21 වෙනිදා ප්‍රකාශ කළේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසුවද වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සම්බන්ධ වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරන බව පැවසීය.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට හෙට (27) බදාදා ඉදිරිපත් කිරීමට නියමිතය.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මඟින්ද පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ කරන්න යන්නෙ භයානක දෙයක්. රටෙ විදායක පාලකය පත් කිරිමට හෝ ඉවත් කිරිමට මහජන චන්දය අවශ්‍ය නොවන තැනට සංශෝදන ගෙනෙන්නයි යන්නෙ. අපේ චන්දෙන් අපට ඔන කෙනා පාර්ලිමෙන්තු යවන්න බැහැ පක්ශ ක්‍රමය නිසා. එ කියන්නෙ පක්ෂ නායකය දෙන කට්ටියට මොකා උනත් අපි කතිරෙ ගහන්න වෙනව. එ කට්ටිය තමයි අගමති තොරන්නෙ. සාමන්යයෙන් පක්ශ නායකය තමයි ජනාධිපති නැතිනම් අගමැති වෙන්නෙ. ඒ්කියන්නෙ අන්තිමෙ විදායක නායකය තෝරල තියෙන්නෙ එ නායකයගෙම ගෝලයො ටික. ප්‍රතමික මතිවරන මගින් පර්ලිමෙන්තු අපෙක්ශකයින් විය යුත්තෙ කවුදැයි තෝරා ගැනිමට අවස්තාවක් නොමැතිව පර්ලිමෙන්තුවෙ බහුතරයෙන් විදායකය තේමට අවස්තාව දීම මහා භයානක වැඩක්. ඒ් වගෙම බෝනස් ක්‍රමයට පත්වන මන්ත්‍රි වරයෙකුට විදායක නායකය වීමට ඇති අවස්තාවත් අහුරා දැමිය යුතුයි.
විපක්‍ෂ නායක ධුරයට සුමන්දිරන් මහතා පත්කරගෙන රට ගොඩ ගමු..!