(සුජිත් හේවාජුලිගේ )
ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යන මහත්වරුන් පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මේ ආණ්ඩුව සමග ගමනක් නැතැයිද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ ඇතැම් තනතුරු සඳහා විපක්ෂයේ ඇතැමුන් ට ආරාධනා කර ඇතත් තම පක්ෂවලට එසේ ආරාධනා ලැබී නැති බවද ඔහු කීවේය .
ලැබුණත් ආණ්ඩුවේ තනතුරු බාර නොගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වන්නැයි කාන්තාවක් දුරකතන ඇමතුමක් ලබාදුන් බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා තමා විපක්ෂයේ සිටින හෙයින් ඒ රැස්වීමට සහභාගී නොවන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාවට දේශපාලනය කරන අය ඔය මොන මොනවා හරි කරන්න එපැයි දරු පවුල් නඩත්තු කරන්න
මංගල සමරවීර මහත්තයත් එක්ක කථාකරලා බලන්න...
නොදකින් රාජපක්ෂලාට කඩේ ගිහින් ජාතික ධනය කොල්ලකෑමට සහාය දුන් කෝවිඩ් එන්නත් දැනට අවශ්‍ය නැහැ කිව්වේ මොවුන්ගේ දේශපාලනය...
අනේ පවු මේ ගොල්ලෝ... හැංගි හැංගී වෙස් මූණු බඳින්නේ එළිපිට නටන්න වෙන බව අමතක වෙලා වෙන්න ඇති.. කපුටු ගේම් එකක් කියලා අපි නම් දන්නවා. බලයට තියෙන කෑදරකම කවද්ද ඉවර වෙන්නේ මේ මිනිස්සුන්ගේ..?
කම්බ හොරු පෙරමුණ
බණක් භාවනාවක් කරගෙන නොසිට තන්හාවට තවත් මොන දේශපාලන පක්ෂ ද ? රට කරපු කාලය තුල රටට ජනතාවට දැනෙන දෙයක් සිදු කොට තිබේ දැයි යන්න , යටට ඇදුමක් ඇදගෙන ඔලුවෙන් හිටගෙන කල්පනා කළොත් හොඳයි නේද ?
මේක කියවනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ... මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂයට වඩා අඩුයි කියලා පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න කබ්බන් ටික තේරුම් ගන්නකල් මේ වගේ පම්පෝරි කියවයි. මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම්... යකෝ මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑවා...තොලොන්චි වෙලා යන එකයි ඇත්තේ...!
ආයෙමත් ජනතාව ඇන්දවීමේ සටන ආරම්භ කිරීමට සැරසෙයි. මේ පුද්ගලයන් දේශපාලනිකව ජනතාවට කළ දෙයක් නැහැ. තම බලය රඳවාගැනීමට කූට උපක්‍රම යොදමින් සිටියි.
මේ පෙරමුණ තවත් රාජපක්ෂ ප්‍රොෙජක්ට් එකක්ද? නැතිනම් ඇමෙරිකන් කුමන්ත්‍රණයක්ද විමල්...?
දැන් මේ ගත කරන්නේ ජීවිතයේ හවස් යාමය නේද? මෙච්චර කලක් හිටියේ සමාජ සේවයේ යෙදෙමින් රට බංකොළොත් වෙනකල්, රට හදන තැන නෙමේද? නව පෙරමුණක් ළඟදීම පිහිටුවලා රට හදන්න කල් තියේද කියන එක තමයි ප්‍රශ්නේ...