ඉන්දිකා රාමනායක
බොරැල්ල කාසල් වීදියේ දි පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධකරුවකු බව කියු සොත්ති උපාලි නැමැත්තාගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා සැකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක ඉන්ධන සොරා ගනිමින් සිටියදී සැකකරු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කාසල් වීදියේ පදිංචි (40) හැවිරිදි පුද්ගලයෙකි
බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .
සැ.යු.
මෙම ප්‍රවෘත්තිය කලින් පළ වීමේදී වෙනත් පුද්ගලයකු මියගිය බවට වාර්තා වූයේ තහවුරු කිරීමේ දෝෂයක් හේතුවෙන් බව කරුණාවෙන් දැනුම් දෙන්නමු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොත්ති උපාලි කියන්නේ මරණීය දණ්ඩනයෙන් ජනාධිපති සමාව ලබපු මුළු රටටම හිටපු සමාදාන විනිශ්චය කාරයෙක් නේද? මල කෙලියයි පුතාට ගිය කලක්... ආරේ ගුණ නෑරේ කියන්නේ ඕකටයි හලෝ...