(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (25) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනුකර කටයුතු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එලෙස දැනුම් දුන්නේය.
ඒ අනුව, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (25) කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.
එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුවක්ද මෙ? කරුනාකර මෙම නඩුව පැවරිමට කටයුතුකල සියලුදෙනාගෙ පුද්ගලික වියදමින් සියලු වියදම් අයකරගන්න.
රජිත දැන් කියයි මම නිදහස් කියලා, කාරණාව කිව්වාම දැනෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. පොහොට්ටුවේ ඉන්න ගොබිලන්ගෙයි, මෙයාගෙයි වෙනසක් නෑ එකම සෙට් එක.
මේවා සාක්ෂි ඇතුව තිබෙන දුෂණ අනුර සහෝදර මචං මෙවා ගැන මීක් නැහැ, මේලෝකේ සාක්ෂියක් ඉදරිපත් කරන්න බැරි මවා ගත්ත දුෂණ ගැන බෙරිහන් දෙනවා. මොකද ඒවා ගැන බෙරිහන් පුළුවන් නිසා.
දේශපාලන වුවමනාව මත සිදුකරන අවසානයක් නොමැති මෙවන් විමර්ශන, කොමිෂන් සඳහා කොපමණ රජයේ මුදල් වියදම් කරනවා ඇතිද? මේවායේ බරද ජනතාව විසින්ම දරනවා ඇත. අහෝ... මෙවන් රටක් කවදානම් ගොඩයයිද?
සර්ව පාක්ෂික ආණ්ඩුවකට වැඩ පටන් ගන්න වගේ...!
ආ... ඒ කියන්නේ රාජිත ලොක්කා ළඟදීම ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්නවා කියන එකද?