(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ජාතික ඉන්ධන බලපත්‍ර’යට අදාල කිව්.ආර්. කේතය ක්‍රියාත්මක කිරීම ලබන අගෝස්තු මස 1 වැනිදා දක්වා කල්දමා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අගෝස්තු මස 1 වැනිදා සිට කිව්.ආර්. කේතය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ජාතික යොවුන් සේනාංක, ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ කිව්.ආර්. කේත ක්‍රමය ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන බවත් අමාත්‍යවරයා කීය.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම වැඩසටහන සති කීපයක සිට සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවට අවස්ථා කීපයකදී පැවසුව ද මේ දක්වා ක්‍රියාත්මක නොවූ අතර අමාත්‍යවරයා අවසන් වරට පැවසුවේ අද (25) සිට ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ වැඩක් බැරි හිස් මිනිස්සු ටිකක්...
මෙහෙම ප්‍රමාද වෙනවා කියන්නේ මැරබලය නැති පොලිස් සහ රාජ්‍ය අනුග්‍රහය නොමැති පෝලිමේ සිටීමට අපහසු ජනතාවට සාධාරණයක් පෙනෙන තෙක් මානයක නැහැ කියන එක නේද?
මේ ක්‍රමය ටිකක් සාර්ථකයි හැමදාම ඉන්ධන තියනවා නම්. වාහන තහඩුවේ අවසන් අංකයට ඉන්ධන ගන්න නොහැකියි. නැති වුණා නම් දවස් ගානක් බලා ඉන්න සිද්ධ වෙනවා. තවමත් QR අංකය ලබා ගැනිම සඳහා හරි ක්‍රමවේදය සකස් කරලා නැහැ. සමහර වාහනවලට තවමත් QR අංකය ලබා ගන්න බැරිවෙලා තියෙනවා... සිස්ටම් හදලා නැහැ.