(සුජිත් හේවාජුලිගේ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරාධනයක් තවමත් ලැබී නැති බවයි.
එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව මාධ්‍යවලින් පමණක් තමා දුටුවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනයක් නැති බවයි.
එවැනි ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ දැයි ආරාධනය ලැබුණු පසු සලකා බලන බවද ඔහු කීවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අප දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තවමත් එවැනි ආරාධනයක් නැති බවයි.
ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදී එවැනි ආණ්ඩුවක් පිහිටුවන බව දැනුම් දුන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙතෙක් තම පක්ෂයට එවැනි ආරාධනයක් ලැබී නැති බවයි.
ආරාධනයක් ලැබුණු පසු පක්ෂය ඒ ගැන සාකච්ඡා පවත්වා තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ව පාක්ෂික වෙන්න නම් සියලු පක්ෂ එකතුවිය යුතුයි.
ෂාහ් නියමයි! ඔහෙලට අමතකද මෙතෙක් කල් කරගෙන ආවේ සිංහල රජයක් බව. එන්ජින් ඩ්‍රයිවර් මාරු වුණා විතරයි. සිංහල මැණිකේට පටකුඩ දෙක දෙක කියලා ඒ ගමනම අපි යනවා.
සියලු පක්ෂ එකතුකර ගත්තා කියලා රටට ඩොලර් ලැබෙන්නේ නැහැ. වෙන්නේ මේ ගොයියොත් ගාන කඩා ගන්න එකයි... හම්බ දෙමළ පක්ෂ නැතුව මෙරට කරන්න පුළුවන් කියා ඔවුන් දැනගත යුතුයි. තව කාලෙකින් ඇබෝරිජිනිස්ලා මෙරටට ගොඩ බැස්සොත්... ඒ ගොල්ලෝත් සර්වපාක්ෂික ආණ්ඩුවට එන්න බලයි.
අන්තවාදී පක්ෂ නැතිව සුළු පක්ෂවලත් මධ්‍යස්ථ පක්ෂ විතරක් එකතු කරගත්තා නම් හොඳයි.
පළමුව ජනතා හිතකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කොට පසුව සර්ව පාර්ශ්වික රජයක් පිහිටුවීම කළ යුතුයි. නැත්නම් දූෂණයට තියන ඉඩකඩ වැඩියි..