(යොහාන් භාසුර)
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත් තොග අසීමිතව තිබුණ ද සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ QR එකත් හබස්ද?
අඩුගානේ පෝලිම් ඉවර කරන්න වත් තෙල් දෙන්න. ඊට පස්සේ යථා තත්වයට පත්වේවි? මගේ QR අංකයට ගිය බාදාදත් තෙල් ලැබුනේ නැහැ... අද ලැබුණෙත් නැහැ. ත්‍රීවීලර් කාරයින් වැහිවැහැලා.
එහෙනම් වාහන අංක අනුව දවස් වෙන්කළේ අහවල් එකටද? QR කෝඩ් එකටත් ඒ ටිකම තමයි. බලාගෙන ගියාම කලින් තිබුණු විදිහ හොඳයි. මෙයාගේ මොලේට තෙල් බැහැලාද කොහෙද?
ඔබතුමාට පුළුවන් දෙයක් තියෙනවද?
"ඉන්ධන ආනයනය සීමා", අපොයි දෙවියනේ, පරම්පරා ගණනක් ගොඩයන්න හොයාගන්න තිබුණු කොමිස් එකට තමයි ප්‍රශ්නේ..!
දිනපතා තෙල් සැපයුම කළ නොහැකි නම් වාහන අංක තහඩු අවසන් අංකයට දිනයක් වෙන්කිරීම හඳුන්වා දුන්නේ කිරිපණුගාය නිසාද?
අපොයි දෙවියනේ, දිනපතා කිරිපණුගාය, ඒක තමයි ප්‍රශ්නේ..! පරම්පරා ගණනක් ගොඩයන්න දිනපතා ඉන්ධන ආනයනය කරන්න...!
කරන්න පුළුවන් කෙනෙකුට දීලා ගෙදර පලයල්ලකෝ..!
බොලාගේ තාත්තා ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි මතක් කරගෙන සාධාරණ විදියට ජීවත් වුණොත් හොඳයි. මතක ඇතිනේ එයා දාපු සෙල්ලම්...!
කළු කඩේ නතර නොකළොත්, චණ්ඩි තෙල් බලෙන් ගහගැනීම නතර නොකළොත්, ශෙඩ් හිමිකරුවන් තෙල් හංගන එක / හිතවතුන්ට දෙන එක නතර නොකෙරුවොත්, සාමාන්‍ය මිනිහට කිසිදා තෙල් නොලැබේවි. හැම වාහනයකටම මාසෙකට තෙල් කෝටා එකක් (රටට ගේන්න පුළුවන් ගාන එස්ටිමේට් කරලා) ඇලොකේට් කරන්න. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හරහා පුළුවන් අයට තෙල් ගහගන්න ස්ලොට් එකක් ශෙඩ් එකකුත් අවශ්‍ය ලීටර් ගණනකින් (කෝටා එක ඇතුළත) වෙන් කරගන්න පුළුවන් විදිහට සිස්ටම් එක හදන්න. ශෙඩ්වලට තෙල් එන දවස් හරියට සිස්ටම් එකට කලින් අප්ඩේට් කරලා ඒ දවස්වල විතරක් ස්ලොට් බුක් කරන්න ඉඩ දෙන්න. ඒ දවසට අදාල තෙල් ඒ ශෙඩ් එකට යවන්න. ශෙඩ් එක එතකොට තමන්ට එන තෙල්වලට අකවුන්ටබල්-බොරු කියලා හංගන්න බෑ. මෙහෙම බුක් කරන්න බැරි අයට පෝලිමේ ඇවිත් ගහගන්න ශෙඩ් කීපයක් ප්‍රාදේශිකව වෙන් කරන්න. නිකම්ම මිනිස්සු තෙල් ගහන්න කලින් බුක්කරලා එන්න පුරුදු වේවි...
රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 1/3 සැපයිය හැකි තෙල් පිරිපහදුව ක්‍රියාතාමක කොකර ඇයි පිරිපහදු කල තෙල් පමණක් ආනයනය කරන්නේ? ඉතාමත් දූෂිත ආයතනයක් වූ තෙල් සංස්ථාවේ සේවකයින්ට නිකරුණේ වැටුප් ගෙවනවා. ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඩුවන විට පවා. මෙය තනිකරම අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ අකාර්යක්ෂමථාව. මොන තෙල් ගෙනාවත් අත්පිට සල්ලි ගෙවිය යුතුයි...
ඔයාලා හැම වෙලේම නොහැකියාව කියන්න එපා.. නුඹලා මේ වැඩේ හරියට කරපල්ලා... පිස්සන් වගේ වැඩ කරන්න එපා. ධම්මික පෙරේරා ගන්න හදපු නැව් දෙකට ඇයි නුඹලා අවසර නොදුන්නේ..?
ඉන්දන නිවරදිව නොබෙදීමෙන් අරගලවලට ඉන්දන සපයයි. ඒ නිසා QR ක්‍රමය හෝ කූපන ක්‍රමය ඉක්මනින්ම හදුන්වාදෙන්න. අද තියෙන්නෙ තෙල් නැති කම නොව තෙල් බෙදාගැනීමට නොහෙකි ප්‍රශ්නයක්.