(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතිඥයන් පිරිසක සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් යුද අපරාධ සිදු කළා යැයි චෝදනා කරමින් පැමිණිල්ල ගොනු කර ඇත.
2009 එල්.ටී.ටී.ඊ ගැටුම් පැවති සමයේදී ජිනීවා සම්මුතිය උල්ලංඝනය කළ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය කඩ කළ බවත් පිටු 63 කින් යුත් පැමිණිල්ලේ සටහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුම තමයි ලොක්කා..
අන්තිමට අපිට බය නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දීලා ඒ මනුස්සයාට ඉන්න හිටින්න තැනක් නැතිව ගියා. යුද්ධය තිබ්බා නම් ඔය කෑ ගහන ගොඩක් දෙනා බස් බෝම්බයකින් හරි වෙන මොකකින් හරි පාරේ මැරිලා... අපේ රට එක පැත්තකින් බැලුවාම හරි කුහක මිනිස්සු ඉන්න රටක්...
සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ කැපවීම ඇතිව රාජපක්ෂ රජය ම්ලේච්ඡ එල්ටීටීඊ සංවිධානය වනසා යුද්ධය දිනා ගත්තා. ඒත්, එහි සැබෑ ගෞරවය ලබන්නට රාජපක්ෂවරුන්ට නොහැකි වුණේ, ඔවුන් යුද්ධයට මූවාවී සිදුකළ හොර මැර වංචා වැඩ නිසාවෙනි. අවසානයේ මුළු රටම බංකොළොත් කොට රටින් පැන යාමට හිටපු ජනපතිට සිදුවුණා. කරුණු එසේ වුවත්, අද ඔහුව මේ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් කටයුතු කරන්නේ, එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ අය බව පෙනේ. ඒ ගැන විස්තර සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇත. රාජපක්ෂවරුන් විසින් මේ රටෙන් හොරා කෑ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට ලබා ගත යුතුව ඇතත්, මේ ඩයස්පෝරාවේ වැඩ ගැන අපගේ ප්‍රසාදයක් නැත...
ශ්‍රී ලංකාව පමණයි, ගෝඨාභයට රැකවරණයක් ඇත්තේ.... කොහේ ගියත් මෙයා කොටුවෙනවා...
මෙ රට ශ්‍රේශ්ඨ ායකයො හිටපු රටක්. යහපත් පිලිවෙලට වැඩ කරනම් ඔය කරදර මොකුත් නෑ
සමහරු කියන විදිහට යුද්දෙ කළේ මෙයා නොවේ...
විදේශ ලෝයර්ස්ලා කියන පලියට ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඔහු කළ වරද කුමක්ද? ඔහුගේ පාලනය දුර්වල වීම කවුරුත් පිළිගන්නවා. නමුත් ඔහු හොරෙක් නෙවෙයි. අඩුම වශයෙන් ඔහු ජීවත්ව සිටින තැනක හෝ ඔහුට නිදහසේ ඉන්න දිය යුතුයි. මරාගෙන කන්න හදන්නේ නැතිව... ඔය කතාකරන අයත් හොරුන් වෙන්න පුළුවන්..
ගෝඨාභයට යන්න තිබුණේ චිලී කියන රටට. දේශපාලනය කරන අයට වැඩ වැරදුනාම යන්නේ එහෙට තමයි.
මෙතුමා කළ වරද මොකක්ද? රටේ නීත්‍යානුකූල පාලකයා... ඩොලර්වලට කහින රැළක්... මෝඩ ජනතාවක් කරගෙන ඉල්ලනවා. අඩුතරමේ අර අයට වෙඩි තිබ්බෙත් නැහැ.