(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
මේ වනව්ට නව ජනාධිපතිවරයා දිවුරුම් දී පැය 24 ඉක්ම යමින් පවතිනවා. නමුත් මේ දක්වා ජාත්‍යන්තරයෙන් නිසි පිළිගැනීමක්වත් එක්කර නැහැ.
පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුනා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා. රජයට අවවාදත් ලබාදිලා තිබුණා. එවැනි අවස්ථාවක නිරායුද ප්‍රජාත්‍රන්තවාදීව ඉල්ලීම් ඉල්ලන අරගලකරුවන්ට ආයුද සන්නද්ධ හමුදා පිරිස් මහ රාත්‍රියේ ත්‍රස්තවාදී පිරිසක් මැඩ පවත්වන ආකාරයෙන් පහර දීම නින්දිතයි.
මේ අයුරින් ජන අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හැකියාව තිබුණා. නමුත් එතුමා එහෙම කළේ නැහැ. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂටත් වඩා දරුණු තීරණ ගන්නා කෙනෙක්ද කියලා රටට අවබෝධයක් ලැබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටට ගෙදර යන්න උනේ ඔන්න ඕක නොකරපු නිසයි. බොරු අරගල කරුවන් ඇතුලු ඔබ වහන්සේලාටද දිට්ඨ ධම්ම වේදනීය ක්‍රියාත්මක වී ඇති බවක් පෙනී යයි.
අමාරුවෙන් වපුරපු දෙය කනකොට තමයිලු අගය දැනෙන්නේ..! පිනට ලැබෙන දෙය කනකොට අගයක් දැනෙන්නේම නැතිලු...අපෙ කෝඳුරු හාමි..."
දැන්ද හොඳ තේරෙන්නේ? මේ සාමකාමී අරගලයක්ද? කොයිතරම් රටේ දේපලවලට හානි කරලද? ඒවායේ පාඩුව ගෙවන්නේ කවුද? පන්සලෙන්ද? රටේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි ජාත්‍යයන්තර මූල්‍ය සංවිධානයේ කටයුතු කෙරෙන්නේ කොහොමද? හැමදාම මේ විදියට ඉන්න පුළුවන්ද මිනිසුන්ට? මොලයක් නැත්ද ඔය ඔලුවේ?. අනෙත් එක බුදුන්වහන්සේ කිව්වේ මොනවද සිවුරු පෙරවූ අයට මේවා කරන්නද?
"පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුනා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා." — එසේනම් දැන් ඔබ වහන්සේලාත් පක්ෂපාතිත්වය දක්වන්නේ ජාත්‍යන්තරයටද? ඔබ වහන්සේලා ලක් දෙරණේ මුරදේවතාවුන් නොවේද? මෙවැනි දේ ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ අනෙකුත් සංඝයා වහන්සේලාද හෑල්ලුවට පත් වීම පමණි. මක් නිසාද යත්, සියලු සංඝයා වහන්සේලා ඔබ වැනි යයි අන්‍යාගමිකයෝ සිතණු ඇති බැවිනි.
ඔබ වහන්සේට ඕක තේරෙන්නේ දැන්ද.89 ඔබ වහන්සේට හොඳටම මතකනේ. අරගල කාරයෝ දැන්නේ නෑ ඒ ගැන. මොකද මුන් රටක ඉතිහාසයක් කියවන උන් නෙමෙයි නේ අනික මුන් මේ පොඩ් බට්ටෝනේ. ලොක්කෝ කියලා රැගුවට . ඔහේ රැල්ලට හරක් වගේ දක්කනකොට යනවා මෙලෝ තේරුමක් ඇතිව නෙමෙයි නේ. නමුත් ඔබ වහන්සේට අතීතය ගැන මතකයක් තියෙනවා. ඒ තිබිලත් ගෝටාභය දැනගන්න බැරිඋනා. දැන් කියනවා ගෝටාභය හොඳයි කියලා. හොඳ නිසා තමයි මෙච්චර කල් අරගල කාරයෝ නැටුවේ. රනිල් එක්ක ඒවා සුම්මා අපේ හාමුදුරුවනේ. තව ඉස්සරහට වැඩ තියෙන්නේ අවසරයි.... තෙරුවන්සරණයි.
අපේ හාමුදුරුවෝ. හාමුදුරුවරු දෙසපලනෙට ගෙනත් චනේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියෙත් අදටත් එන්. ජී. ඕ කාරයන්ගෙන් යැපෙන්නෙත් ඔබවහන්සේ වගේ සිවුරු දාගත් අය තමා මේවට වගකියන්න ඕන.
අද මම කිව්වා කියල මතක තියා ගන්න. ප්‍රභාකරන් සහ රනිල් රටට සාපයක්. නොබෝ දිනකින් දෙන ගන්න පුළුවන්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හෝ සදාචාරය හෝ අනුගම්පා හෝ තුට්ටුවටත් ගණන් ගන්න මිනිහක් නොවේ. ඔහුගේ වාසියට විව්‍යස්තාව අනුව කටයුතු කරනවා කියල කියනව. ඔහු ඔහුගේ පක්ෂය මෙහයවන හැටි කොව්රුත් දන්නවා. අරගලය උඩින් බලයට එවින්, දැන් මර්ධන පාලනයක් කරන්නේ.
මිනිසුන් අවුස්සලා අවුස්සලා දැන් දොඩවනවා. භාගයවතුන් වහන්සේටත අරහත් ධජයටත් නිගා දෙනවා. අරහේ කොටි පෞරාණික පන්සල් ඩොසර් කරන්න හදනවා. ඒවා පේන්නෙ නෑ. NGO හඬක්ද කොහෙද
ඕමල්පිපෙ පියතුමාට දැන්නෙ ඇහැරිල තියෙන්නෙ මැල්කම් භාමුදුරැවොද ඔහොම කියන්න කිවුවෙ.
අරගල අරගල කියමින් රට ගිනි තැබූ ගෝල්ෆේස් කාරයින් විහින් ඉල්ලා ගත් මෙම තත්ත්වයට, ඊට ලොකුවට උඩ ගෙඩි දුන් ඔබවහන්සේත්, කාදිනල් උන්නාන්සේත් වගකිව යුතුයි.
බටලන්ද 88/89 ගනන් වලදි සෑහෙන්ඩ මිනී මැරුව, මරල බේරුනේ චන්ද්‍රිකාව අල්ලගෙනයි. හැබැයි ඔය මිනිහ කොල්ලන්ගෙන් ඉල්ලන් කන්ඩයි හදන්නෙ. පට්ට දුශ්ටය, කතව ප්‍රජාතන්ත්‍රවාදය. මෙයාට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මිනිමරුව. මේඑක ජාත්‍යන්තරයට ගෙනිහිල්ල මූ මිනිමරුව කියල ඔප්පු කලයුතුයි. නැවතත් බටලන්ද වදකාගාරය ගැන පැමිණිලි කලයුතුයි. හාමුදුරුවනෙ ඝෝඨාභය කියන ඒකත් 88/89 මාතලේ වඩකගරයක් පවත්තපු තවත් මිනිමරුවේක්. මුන් දෙන්නම මිනිමරුවො. යාපනේ පුස්තකාලය ගිනිතියන්ඩත් බටලන්දය හවුල්.
අන්තිමට හිට්ලරුත් හොදයි කියන්න සිද්ද උනා එහෙනම්
ගෝඨාභයත් නැහැ, පාර්ලිමේන්තුවට ගිය අයවත් නෑ...
රනිල් ගෙදර යැවිය යුතුමයි... අරගලයට ජය වේවා...!
"පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුනා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා." — එසේනම් දැන් ඔබ වහන්සේත් පක්ෂපාතිත්වය දක්වන්නේ ජාත්‍යන්තරයටද? ඔබ වහන්සේලා ලක් දෙරණේ මුරදේවතාවුන් නොවේද?
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට ලු.
කොකාගේ කණ සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා. උගතාට ගැරහීම නිසා මෝඩයාගේ ගති තෙරේ උඩට ජලේ පිරුන කලේ, උඩට ජලේ පිරුන කලේ නැත කිසි සෙලවීමා ඝෝටා ඉගිලිලා ගියාම තමයි වටිනාකම පෙනෙන්නේ.
ලියල තියෙන දේ නම් කිසි හාෙඳක් කියල නැහැ. සමහර වහල් මානසිකයක් තියෙන මනද බුධ්ධිකයන්ට නම් අනක් ගුනක් නැති නායකත්වය හොඳ අාරංචියක්
මුල් දවසෙම මොවුන් එලවා දැම්මා නම් ගෝටාභය තවමත් ජනාධිපති. සාමකාමී අරගල නම් පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකු මරාදැම්මේ කොහොමද? රජයේ දේපොළ විනාශ කලේ ඇයි? මේවා අනුමත කරන්නේ ඇයි?
මීටත් වඩා හොඳ දකීවි ගෝඨාභය ගැන තව ඉදිරියට... සිංහල බෞද්ධ කියලා එකක් නෑනේ දැන්... නේද අපේ හාමුදුරුවනේ..?
මේ අදහස හරිම වංකයි කියල අපට දැනෙනවා හිටපු ජනාධිපති තුමාව එලවන්න විශේෂයෙන් ඔබ දැක්වු අදහස් සහ පරුෂවචන සිහියට එනවිට.මගේ පෞද්ගලික අදහස එතුමාට මෙහි ලියනවා 'දියෙහි යන දණ්ඩට පිහිටක් වුවත් කිසිවිට දුදනන්හට පිහිට නොවවු මතු කිසිම දිනක.යන්නයි. බලය තියෙනකමිම ලංකාවේ මිනිස්සු ඕනෑම අයෙකුට පුදුම ගැහිල්ලක් ගහන්නෙ. දැන් චන්ද්‍රිකාට බනිනවද? නෑ. මෙ.සිරිසේනට බනිනවද? නෑ. ඒ අයගෙ චරිත ඝාතනය කලේ කොහොමද බලයෙ ඉන්න කාලේ. මතකද
හැම වැඩකම බලාපොරොත්තු වෙන සහ නොවෙන ප්‍රතිඵල තියෙනවා. ඒ ගැන කවුරුත් හිතුවේ නෑ. ඒක ගැන මතක් කරන්න හැදුවාම, ඒ පුද්ගලයින්ට බැණ වැදුණා. පටු කෝණයකින් බලාගෙන වැඩ කළ එකේ ප්‍රතිඵල තව කාලයක් තියේවි. එතකං ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවන් වගේ ඉඳිමු.
එහෙමයි හාමුදුරුවනේ, ගෝඨාභයටත් අවශ්‍ය නම් මේ අරගලය රනිල් වගේ මැඩ පවත්වන්න තිබුණා. ඒ වුණාට ඊට පසු තානාපතිවරු කැඳවා රනිල් වගේ තිතට පිළිතුරු දීමේ හැකියාවක් මම හිතන්නේ එතුමාට තිබුණේ නැහැ. අන්න ඒක නිසයි එතුමා පසුබෑවේ. කොහොමත් සිස්ටම් චේන්ජ් කරන්න නම් ප්‍රතිපත්ති කුමක් වුවත් රනිල් වගේවත් පාලකයෙක් රටට අවශ්‍යයි.
උබලා ගෝඨාගේ ගෙදරට ගැහුවා, උබලා ගෝඨාගේ අම්මගේ තාත්තාගේ සොහොනට ගැහුවා, මහ ගේ ගිණි තිබ්බා, ජනාධිපති මන්දිරයෙන් එලෙව්වා. හැබැයි උබලට ගෝඨා අතක් උස්සන්න ඉඩ දුන්නෑ... අන්තිම මොහොතේත් ගෝඨා කිව්වේ උබලට මුකුත් කරන්න එපා මම පිටිපස්ස දොරෙන් යන්නම් කියලා. ඒ ගෝඨාගේ නිවට කම නෙමෙයි බන් ඒ මනුස්සායාගේ නිමිච්ච කම. උබලගේ මහ උන් කිව්ව ගෝඨාගේ සුදු වෑන් කතාව ඇත්තක් උනා නම් උබලා අද ඔතනත් නෑ... ලෝකෙම ආර්ථික අර්බුදයක් තියන වෙලාවක ඒ මිනිහට උබලා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න හැදුවා. පෝර ටික තහනම් කලේ උබලා වස කන එක නවත්තන්න. ඒත් උබලා ඒකත් වැරදියට තේරුම් ගත්තා. ගෝඨා කියන්නේ රටට ආදරේ මිනිහෙක්. ඒක තේරුම් ගනිල්ලා.