
(යොහාන් භාසුර)
ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද පැවසීය.
වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය නොවන නිසා ආණ්ඩුවේ මර්දනයට විරුද්ධ සියලුම දේශපාලන පක්‍ෂ සංවිධානය වියයුතු බව ද ඔහු කීවේය.
ජනමතයක් නොමැතිව පස්සා දොරෙන් ජනාධිපති ධූරයට රිංගු පුද්ගලයකු ජනතාව මර්දනයට සැළසුම් සකස් කරමින් සිටින බව කී ගුණරත්නම් මහතා මර්දනයට බියවී පළා නොගොස් සංවිධානය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ගාලුමුවදොර අරගලයට අද අලුයම එල්ල වූ ප්‍රහාරයට සහභාගි වූ ආරක්‍ෂක අංශවල යැයි කියාගත් පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනාගත නොහැකි වන ලෙස වෙස්වලාගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සමහර ආරක්‍ෂ අංශ සමාජිකයන් වෙස්වලාගත් පුද්ගලයන්ගේ චිරස්ථීන ප්‍රහාර වලක්වන ආකාරය ද දැකගත හැකි බවත් කුමාර් ගුණරත්නම් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, ඔයාලාමනේ ව්‍යවස්ථාවෙන් පත්වුණු ජනාධිපතිලා දෙන්නම යවනවා කියලා නාඩගම් නැටුවේ... රජයේ දේපල අත්පත් කරගෙන, මාසෙකින් රනිල් යවනවා කියපුවාම, රනිල් කටවහගෙන බලන් ඉන්න ඕනෙද කියලද කියන්නේ? ඔයාගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවන්ට වගේ මෙහෙ දරුවන්ට ඉගෙන ගන්න දෙන්න..
සියලුම ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදය නීත්‍යානුකූලය. අනෙක් සියල්ල නීති විරෝධීය කියලයි. ඒ තමයි ත්‍රස්ත න්‍යාය..!
ව්‍යවස්ථාව පිට බලය අල්ලන කතාවක් ඔබතුමා කීවා වගේ මතකයි මේ ළඟදි.
ව්‍යවස්ථාවට පිටින් නේද ඕනෑ කිව්වේ?
ඉස්සරහ තියන කටින් කන දෙය පිටිපස්ස දොරෙන් තමයි කාගෙත් යන්නේ... හැබැයි ඉස්සරහ දොරින් උණ්ඩ පාරක් කෑවොත් හුස්ම තමයි යන්නේ...!
පෝරියල් එක ළඟට එනකොට රටින් පැනලා ගිය මෙයාගෙ හරි පුරවැසි භාවය පලකරන්නකෝ. ඉස්සෙල්ලා කෙනා වගේ මෙයත් පැනලා යයිද?
ඕස්ට්‍රේලියාවට ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නවාද? කොල්ලන්ට පාඩුවේ ඉන්න දීලා...
එතකොට ඡන්දෙන් ගෙනාපු ජනාධිපති එළවීම පාර්ලිමේන්තු බහුතරයක් ගෙනාපු ජනාධිපති එළවීම ව්‍යවස්ථාවට මොකක් වගේද? අනේ යන්න මහත්තයෝ...!
එතකොට ඡන්දෙකින් පත්වෙච්චි ජනාධිපති යවලා ගෙවල් කාලා, මංකොල්ල කාලා ගිනිතියලා මිනිස්සු අමුඅමුවේ පාරේ කපලා මැරිලා ව්‍යවස්ථාවට එකඟයිද ලොකු තැන..
හරි මචන්...!
ඕස්ට්‍රේලියාවට ගිහින් නටන නැටුමක් නටාගන්න. මෙහේ තරුණයින් බිල්ලට නොදී...
සුනඛ කථා...
මෙතන කමෙන්ට්ස් දමන වැඩි පිරිස මොලය කචල් අය වගේ... මඤ්ඤන්ද කොල්ලෝ? කණ පොඩ්ඩක් පාදගෙන, ඔලුව දෙපාරක් දෙපැත්තට හෙල්ලුවා නම් බඩුම තමයි...
ඔවා දෙනු පරහට. තමා සම්මතෙහි පිහිටා සිට...
පවුලම ඕස්ට්‍රේලියාවේ මෙයා මෙහෙ ඉඳන් මගුලක් කියවනවා. ඔයාගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවන්ට වගේ මෙහෙ දරුවන්ට ඉගෙන ගන්න දෙන්න. කාලකණ්ණි වැඩ නොකර..
මෙන්න මෙයාව හිර කරන්න නීතියක් නැතිද? කාලකන්නි.. කොල්ලන් ටික විනාශ කරනවා...
ඉස්සෙල්ලා තමුන්ගේ රටේ ඉන්න ළමයි ගෙන්නගෙන ඔවුනුත් කොල්ලො කෙල්ලෝ එක්ක අරගලයට යවන්න.. මෙතන බයිලා ගහන්නේ නැතිව...!