(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (22) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවලා ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කළ අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.
මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සරත් ජයමාන්න, රියෙන්සි අර්සකුලරත්න සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් ප්රමුඛ තුන්සිය පනහකට අධික නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සමග කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන්ද ඩයස්, සහකාර පොලිස් අධිකාරී විල්ලකවාඅරචිචි, කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් තමා මේ රට කන්නෙ
අන්න එහෙම තමයි. ඉස්සරහට බිස්නස් එකට ආයෝජනයක් විදියට ෆ්‍රී පැක් එකක් දෙන්න ඕන. පස්සෙ ඕකුන්ට දිගට හරහට නඩු වැටුනම ඔව්වටත් එක්කම ගන්න පුලුවන්. අපේ හරක් හිතන් ඉන්නේ මුන් මේ රටට ආදරේට අරගලේ උන්ට සප් එක දෙනව කියලා. ඔහොම යන්..
දීකිරි වලට බළල්ලු ශාක්සි . මේ කිසිම දෙයක් රටට ප්‍රයෝජනයක් ඇති දේවල් නොවෙයි. රටේ සැබෑ ප්‍රශ්න ය ආර්ථික ය. ඒක ගොඩදාන්න හැම කෙනෙක් ම තමන්ට කළ හැකි දේ රට වෙනුවෙන් කරනව මිසක තැන තැන කාලෙ කා දමන එක තේරුමක් නෑ. අරගලය කියන්නෙ තනිකරම නරක යටි අරමුණු ඇති ව්‍යාපාරයක් . තමන්ට අවශ්‍ය නායකයින් පත්කරගන්න පුලුවන් ඡන්දයකදී.
අරගල කාරයෝ වගේම මෙන්න මේ ගොල්ලොත් මේ හැම එකකටම වග කියන්න ඕනෑ.
මේ පිස්සො තමයි අරගල හරක් ටික චූන් කරවලා රට අරාජික කරවන්නේ.
ඒ ගොල්ල ඔනෙ තරම් අලුත් කඩෙ ගස් යට ඉන්නෙ .
මේ අයට ඇප දෙන්න එපා.. තවත් රට ඉවරයි...!
කොරෝනා වසංගතය නිසා ආදායම අහිමිව සිටි කළු කබා කරුවන් මිරිහානේ ජනාධිපති නිවසට පහර දීම, ගිනි තැබීම් වෙනුවෙන් කළු කපුටන් වැනි කෝටි කරුවන් දුසිම් ගණන් පෙනී සිට අපරාධ අනුමත කරන ජන මතය හදා ගත්තා. ඊට පස්සේ රටම මෝඩයන් ගිනි තිබ්බා. දැන් කෝටි ගනන් දේපළ ගිනි තැබූ අය ඇප නැතුව මාස හයක් ඇතුලේ. දැන් නොමිලේ පෙනී සිටි කපුටු කළු කෝට් කරුවන් සල්ලි ඉල්ලයි. දැන් කළු කෝට් කබා කරුවන්ගේ රස්සාව හරි. අරමුණු සාර්ථකයි. මෝඩ ගිනි තියපු, විනාශ කල අය ඇප නැතුව ඇතුලේ මාස හයක්.
ආදරයේ අරගලය පැහැදිලිව දේශපාලන මෙහෙයුමක් බව මෙවර 2022 මයි 01 දා රැලියෙන් තහවුරු උනා. එහෙම තියෙත් දී අපි දුටුව අංගවිකල වූවන් රෝගීන් මෙන්ම අබාදිතයන් පුංචි දැරුවන් පවා වඩාගෙන පුද්ගලයන් මෙයට සම්බන්ධවෙනව. අපේ නීතිය තුල දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත වූවන් මෙයට සම්බන්ධ කර ගැනීම වැරදිනැත් ද? මානාව හිමිකම් සංවිධාන දින 100 ක් ගතවීත් මෙය නිවැරදි නොකළේ ඇයි ද පිළිතුරු දිය යුත්තකි. අපගේ නීතිඥ මහත්වරුද මෙය නොදැකීම දුකකි.
කොරිඩෝ ලෝයර්ස්...
ඕකටත් කට්ටිය පොරකනව ඇති. මොකද ඩොලර් ගලනවනෙ.කියන්නෙනම් නොමිලේ කියල.
නඩු නැත්නම් කොට උඩ තමයි...