මන්ත්‍රී ජගත් කුමාර ගෙන් අගමැතිට ලිපියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 24 June 2022
පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද? ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 24 June 2022
මැලේරියාව යළි හිස ඔසවයි ද මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 24 June 2022
ලිට්රෝ ගෑස් 6 දා තෙක් නෑ ලිට්රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 24 June 2022
අරගලයේ සිව් දෙනකුට ඇප:රැට්ටා සහ ළහිරු යළි රිමාන්ඩ් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව්දෙනකු අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24 ) නියෝග කළේය. 24 June 2022
මන්ත්‍රී තෙල් නැතුව කළු කඩේට ගිහින් දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ) පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වේ. 24 June 2022
යුරෝපා තානාපතිවරුන් ගෙන් ජනපතිට සහතිකයක් අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (24) පොරොන්දුවූහ. 24 June 2022
කෘෂිකර්ම සේවක නිවාඩු අත්හිටුවයි යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 June 2022
බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙක් පැවසීය. 24 June 2022
සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස් රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි. 24 June 2022
ඉන්ධන ඉල්ලා අදත් ජනතාව පංචිකාවත්ත පාර වසති පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව පිට පිටම දෙවැනි දිනටත් අද (24) පෙරවරුවේ මාර්ග අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධය දැක්වූහ. 24 June 2022
සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර දී ඉකුත් මැයි මස (09) දින සිදු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 24 June 2022
ඉන්දියාවේ දෙවැනි ආධාර තොගය බාරදෙයි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි ආධාර තොගය අද (24) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දෙනු ලැබිණ. 24 June 2022
‘‘දේශපාලන තීන්දු ගැන කණගාටුයි‘‘ ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට අද(24) දැනුම් දුන්නේය. 24 June 2022
ලංගම නඩුවෙන් වෙල්ගම නිදහස් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24) නියෝග කළේය. 24 June 2022
සහල් මාෆියාව නතර කරන්න රට තුළ පවතින සහල් පිටි මාෆියාව නතර කිරීමට බලධාරීන් මැදිහත්විය යුතු බවත් සහල් පිටිවලට ද පාලන මිලක් පැනවිය යුතු බවත් සහල් ව්‍යාපාරික එම්. එස්. එම්. සනූර් මහතා පැවසීය. 24 June 2022
ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති. 24 June 2022
රාජ්‍ය සේවයන්ට පෞද්ගලික රැකියා වරම් ළඟදීම රාජ්‍ය නිධාරීන්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් .එම් .පී කේ මායාදුන්නේ මහතා පැවසීය. 24 June 2022
ක්‍රීඩා උපදේශක සිසුවාගේ අත කැඩෙන්න පහරදීලා ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු පොල්ලකින් කළ පහරදීමකින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතේ අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද සිදුව ඇත. 24 June 2022
සංක්රමණිකයෝ 35 පානදුර මුහුදෙන් මාට්ටු අබලන් බහුදින යාත්‍රාවකින් නිති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ටේ්රලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක්රමනිකයන් 35 දෙනෙකු නාවික හමුදාව පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 24 June 2022
මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඇතුළු දේපළවලට හානි කරනු ලැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (23) පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් පමණ කරුණු විමසා ප්‍රකාශ සටහන් කර ගත්තේය. 24 June 2022
පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කොළ නෑ රටේ පවතින කඩදාසි අර්බුදය හමුවේ, නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාසි සංගම් අනතුරු අඟවයි. 24 June 2022
කුඩු සමග කතක් මාට්ටු බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000 ක්, සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි 24 June 2022
වැස්ස පොඩ්ඩක් වැඩි වේ දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 June 2022
පොලිස් ලොක්කාට ජරාව දෙන්න ගිය කතකට මාංචු ගංජා සමග අත්අඩංගුවට ගත් සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙස ඉල්ලා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ලබා දුන් කාන්තාවක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 23 June 2022
වැඩට එන්න ඉන්ධන නෑ:දුම්රියත් අඩුවෙන හැඩ දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා වාර්තා කිරීමට වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට සිට දුම්රිය ගමන්වාර අවංගුවීමට ඉඩ ඇතැයි දුම්රිය ලොකොමෝටිවු උපරේටින් ඉන්ජිනිරියන් රියැදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු කොන්තසිංහ මහතා කියයි. 23 June 2022
අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්පේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරතව සිටි අයුරු 23 June 2022
ලොකුම අල්ලස් නඩුවේ විනිසුරු ඉවත් වේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩු විභාගයෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (23) තීරණය කළේය. 23 June 2022
ගලේවෙල පිරවුම්හලට ආ මැරයන් කාන්තාවෝ එළවති ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල අද (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර ප්‍ර දේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ. 23 June 2022
ලංවීම හිටපු සභාපතිට ප්‍රකාශය ඉවත් කර ගන්න අනුමැතිය එම්.එම්. සී ප්‍රදිනාන්දු මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරමින් කළ ප්‍රකාශයක වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු කළ ඉල්ලීම එම කමිටුව දීර්ඝ සාකච්ඡාවකින් පසුව අද (23) අනුමත කළේය. 23 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025