(යොහාන් බාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය.
උසස් පෙළ විභාගය සමයේ විදුලිය සැපයීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලිබල අමාත්‍යංශයෙ කිසිදු නිලධාරියකුට බලපෑමක් නොකළ බවත් එහිදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිටි අතිරේක ලේකම්වරයාට නීතිය පැහැදිලි කළ බවත් රත්නායක මහතා කීය.
මානව හිමිකම් කොමිසම අදාළ අදාල සාකච්ඡාවට ළ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරාධනා කළ තිබියදී අතිරේක ලේකම්වරයකු සහභාගී කරවීම මෙම ගැටලූවට මූලික වූ බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ කවුද වැඩ්ඩා කියලා...!
මෙයට පෙරත් නීතිමය කටයුතු කළහැටි අපි දැක්කා. නීතිමය කටයුතු කරන විට උසස්පෙළ විභාගයත් නිමාවෙලා තියෙයි..
නිකන් බයිලා ගහන්න එපා මනුස්සයෝ... දැනුත් කරන්ට් කපලා තියෙද්දී.. ඔය නඩූ වාර්තා රෝල් කරලා ගහගන්නවා...
Media shows දැන්වත් නවත්තලා ළමයින්ගේ විභාගෙට ඉඩදෙන එක හොඳ නැද්ද..?
මෙයාව හොඳයි රිළා නටවන්න. කව්ද මේ..?
කොමිසමේ සාමාජිකයෙක් පුවත්පතකට දුන් ප්‍රකාශයක් කියවන්න ලැබුණා ඇත්තටම ඔහු කිව්වත් නොකිව්වත් කොමිසම තීන්දු තීරණ ගන්න ඕන සාමුහිකව කියලා කියන්න පුළුවන් හරි නම් ලිපියක් යවන්න වුනත් කොමිසමේ නියමය පරිදි කියලා ලේකම් තමයි කරන්න ඕනෑ. සභාපති ලිපියක් යැව්වත් පිටපත් සාමාජිකයන්ටත් යවන්න ඕනෑ... එහෙම නැත්නම් සාධාරණයක් තියෙනවා කියලා කොහොමද හිතන්නේ?
ලේකම්ට ආරාධනා කරලා තියෙද්දී අතිරේක ලේකම් කෙනෙක් යැවීමේ කිසිම වරදක් නැහැ... මොකද ලේකම්ට එවැනිම වැදගත්කමක් තියෙන සාකච්ඡාවක් කරන්න තියෙන්න ඇති. නැත්නම් ඔහු නිවාඩු ලබාගෙන ඉන්න ඇති. රාජ්‍ය සේවයේ කටයුතු කෙරෙන්නේ එහෙම තමයි පුද්ගලික අංශයේ ලොක්කන් වගේ ඔක්කොම වැඩ ලේකම් බදාගෙන කරන්නේ නැහැ.. එහෙම කළොත් අනෙක් නිලධාරින් පුහුණුවක් ලබන්නේ කොහොමද? එහෙම නිලධාරින් හිටපු තැන්වල තමයි නිලධාරින් විශ්‍රාම යනවිට ගැටලු තියෙනවා කියමින් පසුගිය කාලයේ උද්ඝෝෂණ කරන්න ගත්තේ...
කළුතර K කලාපයේ අද හවසත් ලයිට් ගියා.