ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක් රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 July 2022
සිරිපාල ගැන සෙවූ කමිටු වාර්තාව ජනපති ලේකම්ට ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට පත් කළ කමිටුවෙි වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද බාර දී තිබේ. 31 July 2022
ඉන්ධනහල් යුද හමුදා සහාය යළි පතයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්ෂාව නැවත දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (1 සහ 2) දෙදින ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
කිව්.ආර්. කේතයට හෙට සිට වැඩ සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 31 July 2022
තෙල්මිල පොඩ්ඩක් පහළට ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ. 31 July 2022
ජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයි රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්ෂ එක්කරගත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2022
ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. 31 July 2022
අරගලකරුවෙක් අල්ලන්න ගියාම පහක්ම අසුවෙලා අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 July 2022
රත්ගම වෙඩි තැබීමකින් අයෙක් මරුට රත්ගම ගම්මැද්දගොඩ දී මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 31 July 2022
ත්‍රිරෝද රියකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයි පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 31 July 2022
ජූලි මාසයේ කොරෝනා මරණ 30ක් රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30 ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 31 July 2022
සංස්ථා - මණ්ඩලවලට අලුත් මුහුණු රජයේ සංස්ථා -මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2022
රටේ තියෙන්නේ බලවතුන්ගේ නීතියක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 31 July 2022
පුරාවිද්‍යා ගැසට්ටුවේ ලොකු හිලක් අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හතර පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නැති හෙයින් ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගතවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. 31 July 2022
කුරුඳුවත්තේ ආයතනයකින් රන් සහ මැණික් ඉස්සූ දෙකක් මාට්ටු කුරුඳුවත්ත ප්‍රධාන පෙළේ ආයතනයකට ඇතුළු වී රුපියල් කෝටි 16 කට ආසන්න වටිනා මැණික් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් සොරාගත් එම ආයතනයේ හිටපු රියදුරකු සහ තවත් පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි. 31 July 2022
ඩලස්ගේ නායකත්වයෙන් අලුත් ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. 31 July 2022
ඉන්ධන හලේ අනතුරින් දියණිය මරුට පෙට්ටල් ලබා දෙන දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරු පැදියකින් පැමිණි මවක සහ දියණියක ටිපර් රථයක ගැටීම දියණිය මියගොස් මව තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. 31 July 2022
චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 31 July 2022
පොහොට්ටුවේ පිරිසක් අලියාට හේත්තු වේ? ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2022
ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 31 July 2022
රංජන්ට පූර්ණ නිදහස දෙන්න සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 July 2022
පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සොයා ගත යුතුයි සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය. 31 July 2022
පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් පහසුකම් යාපනය සිට කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිවත් ව සිටියි. 31 July 2022
මිනී මරා රට පනින්න බැරි වෙයි ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. 31 July 2022
ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 July 2022
දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 31 July 2022
කටපුංචා වෙරළබඩ වැඩ වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයේ විවේකානන්ද පාරේ දී ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බෝකර්වරයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 31 July 2022
රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව් ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනට කර තිබේ. 31 July 2022
කුඩම්මාගේ හිරිහැර නිසා දරුවකු කිලෝ මීටර් 200 අම්මා සොයා පා පාදියෙන් යයි සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 30 July 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025