(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි.
මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.
සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලොකු පුතා හරියන්නේ නැත්ද?
ඔය මල ඉලව් පොහොට්ටුවේ හොම්බත් ගිලිලා ඉවරයි. තව ටිකයි කම්මුතු වෙන්න ඇත්තේ... මෙයා නිකන් බයිලා ගහනවා.
අනේ අනිච්චං, ගියපාර ජනාධිපතිවරණයේ දී පොහොට්ටු අපේක්ෂකත්වය දේශපාලනයක නොයෙදුණු හිටපු රාජ්‍ය නිලධාරියෙකුට දීලා රටටත්, පක්ෂයටත්, ජනතාවටත් කරගත්තු වින්නැහිය ඒ ඩිංගට අමතකද? ආයෙත් මේ ඒ පාරෙම යන්න හදන්නේ කාගේ වුවමනාවටද? ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි...
පවුල් පාලනය විසින් විදෙස් රටවල තැන්පත් කොට ඇතැයි කියන මුදල් සංචිත, සමාගම් හා නිශ්චල සහ චංචල දේපල, මේ රටේ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් ගෙන ඇති සමාගම්, විදෙස් රටවල ඇති ගුවන්යානා ආදිය ගැන ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් කෙරෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා පෙනුණා. මේ රටේ නීති හා වගකිවයුතු අංශ මේවා ගැන සොයා බැලීමට උනන්දු නොවන්නේ මන්ද? මොන සභාපති පත්කළත්, රටේ සම්පත් හොරා කෑම ගැන අනාගතයේදී ප්‍රතිවිපාක ලැබේවි. එදාට පොහොට්ටු පක්ෂයේ ඉතිරි කොටසටත් කණකොකා හඬාවි. ඒකේ කිසි සැකයක් නැහැ...
රනිල්ගේ නෝනාට හරි, සජිත්ගේ නෝනාට හරි දෙන්න.
මොන කරණම් ගැහැව්වත්... ඔව්වාට අහුවෙන කෙනෙක් නැහැ..!
ඒ වගේම අපිට ආරංචියි තමන්ගේ ලේකම් පට්ටමත් ගලවලා මාතර ඉන්න 'සිංහ ' කෙනෙකුට දෙන්න යනවා කියලා. තමුසෙව බල්ලා මාක් එකට දමලාලු මල්වානේ බැසිල් දැන් වැඩකරන්නේ. බොරුද?
වැඩකරන විරුවාගේ ඇමෙරිකාවේ ඉන්න පුතාගේ හෝ රජතුමාගේ ලොකු පුතා ඔය වැඩේට හොඳ නැද්ද?
ජී.එල්. පීරිස් නම් කියන්නේ වෙනම කතාවක්. අස්වීමේ ලිපිය ලැබෙනකම් එයා සභාපතිලු.
නුඹලාව මේ රටෙන් අතුගාලා දාලා ඉවරයි. සද්ද බද්ද නැතුව හිටියොත් තමයි හොඳ...
අවසානයේ පොහොට්ටුවට අර මල්වානේ මාලිගාවට වගේ අයිතිකරුවෙක් නැතිවේවිද?
ඒක ඒ තරම් ලෙහෙසි වෙන්නේ නැහැ. මට ආරංචි විදිහට මේ පාර පත්කරන්න යන සභාපතිත් " පට්ටම පට්ට මිනීමරු හොරෙක් වියයුතුමයි " කියන මතයේලු රාජපක්ෂ හොර මිනීමරු නඩය ඉන්නේ... ඉතින් ඒ වගේ ඉහළ සුදුසුකම්වලට අනිවාර්යයෙන්ම තුන් දෙනෙකුට වඩා මරපු, රුපියල් බිලියන ගණනක් හොරකම් කරපු, රාජපක්ෂගේ රෙකෝඩ් ඒක කඩපු කෙනෙක් වෙන්න ඕනෑ. ඒ නිසා සෑහෙන්න අමාරු වෙනවා ඒ වගේ අසික්කිත, වනචර, මිනීමරු ලොක්කෙක්ව හොයාගන්න. දවසක හම්බවුණත් හම්බවෙන්නේ හොර පවුලේම එකෙක් තමයි. හැබැයි... ආයේ මේ කප තිබෙන තුරාවට මැදමුලන මූකලානේ "සතෙක්" ට රටේ බලය දෙන්න තරමට මේ රටේ මිනිස්සු මෝඩ වෙන්නේ නැහැ. රාජපක්ෂලාව හිටපු තැනම තියලා රටේ බුද්ධිමත් ජනතාව අද ගොඩාක් ඉදිරියට ගිහිල්ලා. මහින්දගේ විජ්ජාවලට රැවටුණු මිනිස්සු "ඒ ගොනාව" විකුණලා දැන් කාලයක් වෙනවා...!!!
විකාර කතාකරනව, දැන් පලාත්පාලන චන්දෙ ආවොත් පොහොට්ටුවට චන්දෙ ඉල්ලන්න ගෙන් ගෙට යන්න එකෙක් සොයගන්න බැරිව ඉන්නව , දැන් පොහොට්ටු ඇමතිල විවෘත කිරිමෙ උත්සවයකට ගියොත් මිනිස්සු සෙට් වෙනව හු කියන්න, තව මස 2-3 යනකොට ඔය අමතිලට මිනිස්සු ගල් ගහනව , ඔකෙ සභාපති කම ගන්න එක අමුම අමු මොඩයෙක් වෙන්න ඔනෙ , එහෙම නැතිනම් අර විජිත් ලියල තිබෙන අකාරයෙ මිනි මරු හොරෙක් වෙන්න ඔනෙ.
මම නම් හිතන්නේ නැහැ මුල්ලේරියාවෙ පැත්තේ නේවාසිකයෙක් හෝ රාහු වගේ ග්‍රහයෙක් මිස වෙනත් කිසිවෙක් ඕක බාරගන්නවා බොරු...
ඔයිට වඩා නම්බුකාරයි වැසිකිළි හෝදන රස්සාව.. රට විනාශ කළ පාහර හැත්ත...
පොහොට්ටුවට නිවන්සුව...