(ඉන්දිකා රාමනායක)
නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය පවසයි.
මෙම ස්ථානයට කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ඇති බව විදුලි බලමණ්ඩලයට ලැබී තිබු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබලමණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (9) වව්නියාව පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
විදුලි රැහැන ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදහන් ලිසිට් එකේ ඉන්න කට්ටියගෙන් ගොඩක් දෙනෙක් ලංකාවෙන් අතුරුදන් වෙලා යුරෝපීය රටවල හොඳ සැපවත් ජීවිත ගතකරනවා... සහ ලංකාවේ ඉන්න ඥාතීන්ට සල්ලිත් එවනවා. සභාපතිනියත් ඇප පිට ඇවිල්ලා වෙන රටකට අතුරුදන් වෙයිද දන්නේ නැහැ...
අනවසර විදුලිය ලබාගන්නා උදවිය අල්ලන එක හොඳ වැඩක්. තරාතිරම, ජාති, ආගම් කුමක් වුවත්, එය කළයුතුයි. නැතිනම්, ඔවුන් සොරාගන්නා විදුලිය සඳහා ගෙවිය යුත්තේ අනිකුත් මහජනතාවයි. විදුලිබල මණ්ඩලයේ පාඩුවට ඕකත් එක හේතුවක්. ඔය කොළඹ විදුලිබල මණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායම නැගෙනහිර පළාතේ ගියොත්, හොරෙන් විදුලිය ගන්න උදවිය ඕනෑතරම් අල්ලා ගන්න පුළුවන් වෙයි. කල්මුනේ සිට පොතුවිල්, පානම මහා මාර්ගයේ මුළු දිගම, කිසි බයක් සැකක් නැතිව යකඩ කොකු හා වයර් යොදා විදුලිය ලබාගන්නා අය දහස් ගණනක් ඉන්නවා. අතුරු පාරවල් වල ඒ වගේ කීප ගුණයක් ඇති. සමහරවිට විදුලි බල මණ්ඩලයේ ප්‍රදේශීය ලොක්කන් හා ඒ පළාතේ දේශපාලුවන් මෙයට අනුග්‍රහය දක්වනවා වෙන්න පුළුවන්. ඔවුන් එය නොදැක්කා වගේ ඉන්න බව නම් පැහැදිලියි. විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් හා ගරු ඇමතිතුමා මේ පිළිබඳව නිසි අවධානය යොමුකළයුතු වනවා.