
(නිමල් ජයරත්න, සහ රුමේෂ් එම් වීරසේකර)
විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,
සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ,පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,
අත්අඩංගුවට ගත් සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තාට ගානක්වත් නෑ.. හිනාවෙලා ඉන්නේ හරියට මහා වීරකමක් කෙරුවා වගේ. කළු ටීෂාර්ට් එකක් දාගෙන ඉන්නේ ඒ තාත්තා වෙන්න ඇති මගේ හිතේ...
ඔය නරුමයාට කොහොම දඬුයමක් ලැබුණොත් ගමේ තරුණයින්ගේ උසාවියෙන් ජීවිතයට අමතක නොවන හොඳ පාඩමක් ලබාදෙන්න ඕනේ... එහෙම වුණොත් තමයි මේ වගේ අපරාධ නවත්වන්න පුළුවන් වෙන්නේ.. බෝඩ් එකක් කරේ එල්ලගෙන ප්‍රසිද්ධ ස්ථානවල හිටුවලා තියන්න. ඕනෑ කරපු වරද සඳහන් කරලා සහ ජනතාවගෙන් සමාව ඉල්ලලා... ඒවගේ දඬුවම් නොකර ඔයවගේ අය හදන්න බැහැ...
මට නම් පෙනෙනවා මේකෙ තවත් පැත්තක්. දරුවගේ අම්මා නේද වඩා වැරදි?