(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු යැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
එම කොමිසමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට රාජ්‍ය සේවකයන් 3000 ක් පමණ පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා භාරදී ඇති බවත් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු අනුමතකර ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්කරල දාන්න. කාර්යාලවල හිටියට කරන දෙයක් නෑ මේ වගේ අය. දේශපාලන වැඩට කාලේ සහ රාජ්‍ය සම්පත් යොදාගන්නව. පුදුම වධයක් අනිත් අයට....