
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
කරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීමට ද එම විරෝධතාවට ප්‍රධාන හේතු වී තිබුණි.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අරගල සහ වර්ජන රැල්ල දිහා බලනකොට නම් හිතන්නේ 88/89 කැරැල්ල නව මුහුණුවරකින් එනවා වාගේ...
අපිට සාමකාමීව ඉන්න දීපල්ලා. අපේ ජීවිතවලට අරගල කාරයින් අකුල් හෙලනවා නම් BBQ කළත් අපට කමක් නැත...
ඉතින් ඇයි එන ඩොලර්ටික නවත්තන්න ඕක ඉස්සරහ නාඩගම් නටන්නේ... ?
පෙළපාලියේ ඇවිත් පොලිසිය එක්ක ගැටිලා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලට රිංගන්න ඉඩදීම නිවැරැදිද? පොලිසිය හරිද, වැරැදිද කියලා නොව එම ක්‍රියාවලිය කලින් සැලසුමක් ඇතිව කළ දෙයක් වගේ නොවේද? ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන කල පෙළපාලියක් වගේම පොලිසිය තවම ඉගෙනගෙන නෑ ගැටුමක් නැතිව පෙලපාලි පාලනය කිරීම...
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ....
රනිල් හාමුගේ මහා ගෙදර ගාව ඇයි මේ උද්ඝෝෂණයේ...! අපි කොයින්ද හිනාවෙන්නේ..?