(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පැවසීය.
සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
අදාල ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිවිසුම්වලින් ඉවත් වුණාට පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. දැන්වත් බිල අඩු කරන්න පුළුවන්...
ගොඩක් හොඳ ප්‍රවණතාවයක්...
හොඳ වැඩක්... ටික ටික ගේම දෙන්න.. හොරු ටික ගෙදර යවන්න.
ඒක හරි. සාමූහික ගිවිසුම් තියෙන කල් ඔය ආයතන ගන්න ආයෝජකයින් එන්නේ නෑ...
වසර 3කට වරක් 25% ක වැටුප් වැඩිවීමක්... ලෝකප්‍රකට සමාගම් වල ගූගල්, ඇපල් හෝ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්වල වත් දන්නේ නැහැ. මේවා පාඩුලබන එක ගැන අහන්න දෙයක් නැහැ.
වෘත්තීය සමිතිවලට යටවූ රාජ්‍ය ව්‍යවසාය. මේකට එකම විසඳුම පෞද්ගලික අංශයට පරිපාලනය භාරදීම හෝ විකිණීම හෝ කොටස්-වෙළඳපල හරහා විකිණීම. හොරු ගෙදර යවන්න වෙන විදියක් නෑ. ඉස්සර දුරකථන සේවය රජයට තිබෙන කාලේ තත්ත්වය මතකද? ඒත් අද.... සමාගම් පාරිභෝගිකයා පස්සෙන් එනවා සේවාව දෙන්න.. සිපෙට්කෝ සහ ලංවිම නම් විකුනන්නම ඕන.