(යොහාන් භාසුර)

ඉන්දියාව වෙත රත්තරන් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පස් දෙනක් රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.

මෙම සැකකරුවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යාමට සූදානම්ව සිටියදී ඔවුන්ගේ ගමන් මලු තුළ සුක්ෂම ලෙස රත්තරන් සඟවා තිබූ රත්තරන් තොගය මෙසේ සොයා ගත් බවත් මෙම මගින් ගුවන්තොටුපල සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටී ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධව මෙම ජාවාරම ක්‍රියාත්මක කරමින් සිටි බවත් රේගු පැවසීය.

එම ඉන්දියානු ජාතිකයා ද පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගත් බවකි  රේගුව මෙම මගින් සන්තකයේ තිබී රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් හා රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද බවද සඳහන් කළේය.

මෙම රත්තරන්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්න බවත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කරන බවත් රේගුව කීය.