(යොහාන් භාසුර)
ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමග සංසදනය කිරීමේදී එම තොරතුරු හෙළි වූ බවත් ලංකා ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින්, පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සහ භූමිතෙල් අලෙවිය සියයට 70 කින් අඩු වී ඇතැයිද එම වාර්තාවෙන් හෙළිවී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරාගන්න බැරි තරමට ඉන්ධන සහ විදුලි බිල වැඩි නිසා රටේ ව්‍යවසාය සහ ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා ඉල්ලුම අඩු වෙලා. ඉතින් රනිල් ආණ්ඩුව ලකුණු දාගන්නවා රටේ ඉන්ධන හිඟයක් නැහැ කියල.
ප්‍රශ්න එනකොට මිනිසුන් විකල්ප හොයා ගන්නවා. ඒකයි ස්වභාවය.
පහුගිය දවස්වල ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යය තුළින් දැක්කා අමතර කොටස් නොමැතිකමින් වාහන ලක්ෂ ගණනක් කොට උඩ කියලා... ඉන්ධන මිල පහත යාම පුදුමයක්ද? ඉබේම අට පාස් අයට නම් ඉබේම ඉල්ලුම පහත වැටීම ලොකු දෙයක්...
කාලාබීලා ඉන්න ඕනේ... තෙල් ගහන්න ඉස්සෙල්ලා. අනිත් එක අපරාදෙ රෙදි ගෙන්නන්නේ... ඒවත් නැති කළා නම්... කොළඅතු ඇඳන් අපිට රස්සාවට යන්නත් තිබුණා. මොකද අපිට පුළුවන්නේ විකල්ප ක්‍රම හොයාගන්න අන්න ඒ විදිහට...
දැන්වත් ඔය කෝටාව පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට මිනිස්සු මොකක් හරි කරගනීවි පුළුවන් විදියකට...
Qr කැන්සල් කරලා පොඩි තෙල් පෝලිමක් හදන්නේ... එතකොට ඉල්ලුම ඩබල් වෙයි. ඒකාලේ වාහනේ තෙල් නැතත් මිනිස්සුන්ගේ ගෙවල්වල තෙල් තිබ්බා..
අරක්කු, සිගරට් එහෙමත් භිවිතය අඩුවෙලා ඇති නේද?
අනවශ්‍ය ලෙස කරන්න පුරුදුව සිටි ඉන්ධන නාස්තිය අඩුවීම රටේ ඩොලර් අර්බුධය සමනය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසා මිල නම් අඩු නොකළ යුතුයි...
ආර්ථිකය කඩාවැටීම නිසා රැකියා අහිමිවෙලා, ජනතාවගේ ගමනාගමනය ඇණහිටලා..., අමතර කොටස් නොමැති නිසා රටේ වාහනවලින් 20%ක් පමණ ගොඩ ඇදලා... එහෙම වුණාම ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ.