ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි
අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.