IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

(අංජුල මහික වීරරත්න)

නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගැයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැති “ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව - 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.

ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරු 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (12)

ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

sena Monday, 13 March 2023 04:16 PM

මම අහලා තියෙනවා කොහේදෝ... රටක හිටපු මිලිටරි පාලකයෙක් එයාගේම නමට එයාම පදක්කම් ඵලදාව ගත්තා කියලා...

:       10       14

rajiv Monday, 13 March 2023 05:15 PM

මේ බැංකු හොරාට බයේ මෙයා කියන කියන, ඉල්ලන ඉල්ලන සම්මාන දෙන අයට ගහන්න ඕනෑ...

:       10       24

විජිත් Monday, 13 March 2023 05:27 PM

ගරු නීතිඥ මහත්වරුනේ, ඔබ ඔබගේ පපුවට අතතබා, හදවතේ ගැසෙන රාවයට කන් දීලා බලන්න. ඒ වගේම ඔබගේ බුද්ධියට අමතලා අහන්න.. "අපි මේ කලේ හරි වැඩක්ද? " කියලා. ජීවත්වන ටික කාලය මිනිසෙක් වශයෙන් ජිවත් වී, මිනිසුන් වෙනුවෙන් යමක් කර, මිනිසත් කමට ගරුකර, දුප්පත්, අහිංසක මිනිසුන්ගේ විරයෙකු වී, අවසානයේ මිනිසුන් විසින් ඇතිරූ මල් පාවඩ මතින් අවසන් ගමන් යන්න. හැබැයි.. ජීවත්වන කිසිම නිමේෂයකදී ඔබ ඔබේ බුද්ධියට නිගා නොකරන්න..!!!

:       4       22

chinthana Monday, 13 March 2023 05:51 PM

ඔය සම්මානය හදන්න වියදම් කරපු සල්ලි වලින් 1 /1000 වියදම් කරලා පාරේ ඉන්න බල්ලෙකුට පාන් ගෙඩියක් අරන් දුන්නා නම් ඒ සතා වලිගය වනලා කළගුණ සලකාවි. නමුත් අධර්මිෂ්ටයින්... ?

:       8       20

අනෝජා Monday, 13 March 2023 05:53 PM

නීතිඥ මහත්වරුනි, කැතයි වැඩේ. ඔය සම්මානය දෙන්න සුදුසු වෙන කෙනෙක් හිටියේම නැතිද?

:       10       15

ගමේ එකාලා Monday, 13 March 2023 06:30 PM

ජනතාවගෙන් ලැබිලා තියෙනවා ඊට වඩා ලොකු සම්මානයක්, පින් ජනපතියා කියලා?

:       11       19

නිමේෂ් Monday, 13 March 2023 06:41 PM

නීති ක්ෂේත්‍රයේ ඉන්න කඩේයන බත්බැලයින් අඳුනා ගන්න. කවදාවත් නඩුවකට පෙනී නොසිටි පිනාටත් කරපු සේවය වෙනුවෙන් කියලා සම්මානයක් දීලා...

:       10       18

fairoos Monday, 13 March 2023 06:45 PM

ඉක්මණින්ම නිවන් සුව ලැබේවා...!

:       5       18

විජිත් Tuesday, 14 March 2023 03:44 AM

ඔයා මේ දුර්ජන අසික්කිතයාව නිවන් යවන්න හදන්නේ ඇයි ? නිවන් දකින්නේ සුදනන් මිසක් මේකා වැනි දුර්ජන පාපිෂ්ටයින් නොවේ. මේකාට දැනටමත් අවීචි මහා නරකාදියේ ලෝදිය හැලියක් බුක් කරලා තියෙන්නේ.මිනිහාගේ මාමත් ඒ ලෝදිය හැලියේම පිච්චෙමින්, මැරී මැරී යලි යලිත් ඉපදෙමින් .. මැරෙමින් ..අපේ රටට කල අපරාධ වලට වන්දි ගෙවනවා.

:       0       1

chandima Monday, 13 March 2023 08:09 PM

එය හරි කැමැතියි ඕව්වාට... අන්තිමට පොඩි පාටියකුත් දානවා නම් වඩාත් සතුටුයි...

:       5       13

පරණ කෝට් Monday, 13 March 2023 08:14 PM

ගෝඨාව එළවන්න පාරට බැහැපු කළුකෝට් රැළ මෙන්න බොලේ රනිල්ට සම්මාන දෙනවා.... අවුරුදු 50 ක් පාර්ලිමෙන්තු ගිය එකාට උසාවි ගියාට දෙන සම්මාන දෙන්න තරම් නිවට රැළක්.... ලැජ්ජයි

:       1       0

Perera Tuesday, 14 March 2023 12:14 AM

මෙයා ඔය වසර 50ට නඩු කීයකට පෙනී හිටල තියෙනවද?????

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site