IMG-LOGO

බණ්ඩාරවෙල ඕ.අයි.සී ගැන පරික්ෂණයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 



අදහස් (11)

බණ්ඩාරවෙල ඕ.අයි.සී ගැන පරික්ෂණයක්

[email protected] Sunday, 12 March 2023 03:07 PM

ඒ තරුණිය කළේ වරදක්. නමුත් කොහේ හෝ වරදක් තිබෙනවා. නමුත් මේ ඕඅයිසීත් අර එතන ඉන්න තරුගහ ගත්ත කාන්තාවෝත් කළ වැඩේ නම් කවුරුත් අනුමත කරන්නේ නෑ. ප්‍රශ්න අහන්න ඕනේ මාධ්‍ය ඉදිරිපිට මෙහෙම ප්‍රශ්න අහනවද? කාන්තා නිලධාරිනියන් කාන්තාවගේ ආරක්ෂාව ගැන වඩාත් බැලිය යුතුයි. දැඩි දඬුවම් දිය යුතුයි. මාධ්‍යයත් සිමාවේ තැබිය යුතුයි.

:       3       78

Ahinsa Sunday, 12 March 2023 04:02 PM

මෙවැනි ප්‍රශ්න දැන් සමාජ ප්‍රශ්නයක් වෙලා. අපි මේ ගැන සානුකම්පිතව මානුෂිකව බලන්න ඕනේ. මම සහ මගේ පවුලේ අය ලංකාවේ ළමානිවාස දෙකකට දැනට වසර 20ක් තිස්සේ උදව් උපකාර කරනවා. මේ දරුවන් පාරවල්වල දමා ගොස් පරිවාස දෙපාර්තුමේන්තුව භාරයේ ළමා නිවාසවල ඉන්න දරුවන්... මේ දරුවන්ගේ දෙමව්පියන් වුණත් මෙලෙස දරුවන් පාරවල්වල දමායන්නේ ඔවුන්ට තිබෙන ආර්ථික සාමාජ සහ මානසික ප්‍රශ්න නිසයි. මේවාට වෙන රටවල මෙන් ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයක් නැහැ... මෙවැනි දෙමව්පියන්ව පුනරුත්ථාපනය කරන්න පිහිට වෙන්න කිසි ක්‍රමවේදයක් නැහැ. දෙමව්පියන් නැති බාලවයස්කාර දරුවෙක් තරුණියක් පැහැරගෙන ගියොත්, දූෂණය වුණොත් සමගර වේලාවට දුෂිත පොලිස් නිලධාරීන්ට කීයක් හරි දුන්නොත් සමහර අවස්ථාවලදී නැවත එම අපරාධකරුටම එම දරුවාව තරුණියව බාර දුන් අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ නඩු වාර්තා සාක්ෂි සමගයි. අපි මේවට කතාකරන්න ගියොත් අපි NGO වල සල්ලිවලට කහින අය කියලා අවලාද කරනවා. දක්ෂ දරුවන්ට උදව් කරන්න ඕනෑතරම් අය සිටියත් අදක්ෂ ආබාධිත අසරණ විරූපී කියා සිතන දරුවන්ට අත දෙන්න කවුරුත් නැහැ.

:       3       34

සඳුන් Sunday, 12 March 2023 04:11 PM

පොලිසියේ පිරිහීමට ප්‍රධාන හේතුව වෘත්තික භාවයක් නොමැති වීමයි. දිනපතා අහන දකින උදාහරණ ඕනෑතරම්...!

:       1       42

සිසිර Sunday, 12 March 2023 04:31 PM

මෙම ප්‍රශ්න කිරීම බලාසිටියේ ඉතාම පිළිකුලෙන්.. එම තරුණිය එසේ මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීම ඉතාම නොසුදුසු සදාචාරවත් නොවන ක්‍රියාවක්. ඇය අඩුම තරමින් පුටුවකවත් ඉන්දවා නොවේ ප්‍රශ්න කළේ... රජයේ නිලධාරීන්ගේ පමණ ඉක්මවා යන මෙවැනි හැසිරීම් වලට නිසි දඬුවම් දිය යුතුයි. නිලඇඳුම් පිටින් නැටීම... වගේ දේවලුත් අහිංසක වුණත් නුසුදුසු ක්‍රියාවන්....

:       0       45

sachith Sunday, 12 March 2023 06:01 PM

පොලීසියේ උඩට යන්න හීන මවන අයට ඉතින් මාධ්‍ය කැමරාවක් දැක්කාම පොලිස්පති පුටුවේ ඉන්නවා වගේ තමයි.. අනික ඇතැම් මාධ්‍ය ළමයෙක් දූෂණය වුණොත්, කාන්තාවක් ඝාතනය වුණොත් හත්මුතු පරම්පරාවක තොරතුරුයි ඔක්කොම ප්‍රසිද්ධ කරනවා.

:       0       26

SL Sunday, 12 March 2023 06:57 PM

මාධ්‍යත් මේවාට වගකියන්න ඕනේ. ඒ තරුණ දරුවා (මව) පව්!! ඒ ළමයි දෙන්නාට සහ දරුවන්ට උදව් කරන්න අවැසි වේලාවක මේ වගේ පහත් හැසිරීමක් බලාපොරොත්තු නොවෙමු..!

:       0       26

ඉසුරු Sunday, 12 March 2023 06:58 PM

පොලිසියට විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුයි...

:       3       17

wimal Sunday, 12 March 2023 07:18 PM

අයියෝ සිරිසේන... ලංකාවේ පොලිසිය ගැන කුමන කතාද? ඕවා වැඩද? ඕවට තමයි කජ්ජ ගහේ, පුහුලම බිම...

:       0       15

Mr Don Monday, 13 March 2023 08:37 AM

ඕ.අයි.සී හරි මේ වගේ දුෂ්ට දෙමවුපියන් ට එහෙම තමා කරන්න ඕනේ

:       2       1

dasun Monday, 13 March 2023 08:42 AM

එම පුවත ආවරණය කල සහ විකාශනය කල සියලුම මාධ්‍ය ආයතනවලට එරෙහිව වහාම පරීක්ෂණයක් පැවැත්වීම පුවත්පත් මණ්ඩලයේ යුතුමකක්.ළමුන් හා කාන්තාවන් සම්බන්ධ ප්‍රවෘර්ති වාර්තාකරණ ගැන කිසිඳු අවබෝධයක් මුන්ට නෑ

:       1       3

Bunny Preena Monday, 13 March 2023 09:09 AM

මටනම් O.I C. මහත්තය වරදක් කලායයි සිතෙන්නෙ නැහැ. ඒම වරදුද කලේ ඔවුන් බව පිලිගත්ත. ඒක නිස එකෙන් කාවවත් අපහසුතාවයට පත්වෙලා නැහැ. මෙයා කිසිම දෙයක් නැති අහින්සක කිරිසප්පය ැරෙන්නට.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 896 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site