
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරුණිය කළේ වරදක්. නමුත් කොහේ හෝ වරදක් තිබෙනවා. නමුත් මේ ඕඅයිසීත් අර එතන ඉන්න තරුගහ ගත්ත කාන්තාවෝත් කළ වැඩේ නම් කවුරුත් අනුමත කරන්නේ නෑ. ප්‍රශ්න අහන්න ඕනේ මාධ්‍ය ඉදිරිපිට මෙහෙම ප්‍රශ්න අහනවද? කාන්තා නිලධාරිනියන් කාන්තාවගේ ආරක්ෂාව ගැන වඩාත් බැලිය යුතුයි. දැඩි දඬුවම් දිය යුතුයි. මාධ්‍යයත් සිමාවේ තැබිය යුතුයි.
මෙවැනි ප්‍රශ්න දැන් සමාජ ප්‍රශ්නයක් වෙලා. අපි මේ ගැන සානුකම්පිතව මානුෂිකව බලන්න ඕනේ. මම සහ මගේ පවුලේ අය ලංකාවේ ළමානිවාස දෙකකට දැනට වසර 20ක් තිස්සේ උදව් උපකාර කරනවා. මේ දරුවන් පාරවල්වල දමා ගොස් පරිවාස දෙපාර්තුමේන්තුව භාරයේ ළමා නිවාසවල ඉන්න දරුවන්... මේ දරුවන්ගේ දෙමව්පියන් වුණත් මෙලෙස දරුවන් පාරවල්වල දමායන්නේ ඔවුන්ට තිබෙන ආර්ථික සාමාජ සහ මානසික ප්‍රශ්න නිසයි. මේවාට වෙන රටවල මෙන් ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයක් නැහැ... මෙවැනි දෙමව්පියන්ව පුනරුත්ථාපනය කරන්න පිහිට වෙන්න කිසි ක්‍රමවේදයක් නැහැ. දෙමව්පියන් නැති බාලවයස්කාර දරුවෙක් තරුණියක් පැහැරගෙන ගියොත්, දූෂණය වුණොත් සමගර වේලාවට දුෂිත පොලිස් නිලධාරීන්ට කීයක් හරි දුන්නොත් සමහර අවස්ථාවලදී නැවත එම අපරාධකරුටම එම දරුවාව තරුණියව බාර දුන් අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ නඩු වාර්තා සාක්ෂි සමගයි. අපි මේවට කතාකරන්න ගියොත් අපි NGO වල සල්ලිවලට කහින අය කියලා අවලාද කරනවා. දක්ෂ දරුවන්ට උදව් කරන්න ඕනෑතරම් අය සිටියත් අදක්ෂ ආබාධිත අසරණ විරූපී කියා සිතන දරුවන්ට අත දෙන්න කවුරුත් නැහැ.
පොලිසියේ පිරිහීමට ප්‍රධාන හේතුව වෘත්තික භාවයක් නොමැති වීමයි. දිනපතා අහන දකින උදාහරණ ඕනෑතරම්...!
මෙම ප්‍රශ්න කිරීම බලාසිටියේ ඉතාම පිළිකුලෙන්.. එම තරුණිය එසේ මාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීම ඉතාම නොසුදුසු සදාචාරවත් නොවන ක්‍රියාවක්. ඇය අඩුම තරමින් පුටුවකවත් ඉන්දවා නොවේ ප්‍රශ්න කළේ... රජයේ නිලධාරීන්ගේ පමණ ඉක්මවා යන මෙවැනි හැසිරීම් වලට නිසි දඬුවම් දිය යුතුයි. නිලඇඳුම් පිටින් නැටීම... වගේ දේවලුත් අහිංසක වුණත් නුසුදුසු ක්‍රියාවන්....
පොලීසියේ උඩට යන්න හීන මවන අයට ඉතින් මාධ්‍ය කැමරාවක් දැක්කාම පොලිස්පති පුටුවේ ඉන්නවා වගේ තමයි.. අනික ඇතැම් මාධ්‍ය ළමයෙක් දූෂණය වුණොත්, කාන්තාවක් ඝාතනය වුණොත් හත්මුතු පරම්පරාවක තොරතුරුයි ඔක්කොම ප්‍රසිද්ධ කරනවා.
මාධ්‍යත් මේවාට වගකියන්න ඕනේ. ඒ තරුණ දරුවා (මව) පව්!! ඒ ළමයි දෙන්නාට සහ දරුවන්ට උදව් කරන්න අවැසි වේලාවක මේ වගේ පහත් හැසිරීමක් බලාපොරොත්තු නොවෙමු..!
පොලිසියට විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුයි...
අයියෝ සිරිසේන... ලංකාවේ පොලිසිය ගැන කුමන කතාද? ඕවා වැඩද? ඕවට තමයි කජ්ජ ගහේ, පුහුලම බිම...
ඕ.අයි.සී හරි මේ වගේ දුෂ්ට දෙමවුපියන් ට එහෙම තමා කරන්න ඕනේ
එම පුවත ආවරණය කල සහ විකාශනය කල සියලුම මාධ්‍ය ආයතනවලට එරෙහිව වහාම පරීක්ෂණයක් පැවැත්වීම පුවත්පත් මණ්ඩලයේ යුතුමකක්.ළමුන් හා කාන්තාවන් සම්බන්ධ ප්‍රවෘර්ති වාර්තාකරණ ගැන කිසිඳු අවබෝධයක් මුන්ට නෑ
මටනම් O.I C. මහත්තය වරදක් කලායයි සිතෙන්නෙ නැහැ. ඒම වරදුද කලේ ඔවුන් බව පිලිගත්ත. ඒක නිස එකෙන් කාවවත් අපහසුතාවයට පත්වෙලා නැහැ. මෙයා කිසිම දෙයක් නැති අහින්සක කිරිසප්පය ැරෙන්නට.