IMG-LOGO

පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කසිප්පු මුදලාලි මාට්ටු

(මාදම්පේ හේරත්)

කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේනිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතඋඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගයලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මොහු කාලයක් තිස්සේ සිට කසිප්පුජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මාදම්පේ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහේෂ් උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් අමරසූරිය98817යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

 



අදහස් (5)

පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කසිප්පු මුදලාලි මාට්ටු

මැක්ස් Monday, 13 March 2023 12:54 PM

මේ කසිප්පු පොහොට්ටුවා වගේම, පිටරට රස්සාවල් අරන් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑ මාලිමාවා සහ පොහොර නැවෙන් ගසා කැ වත්තල කවුන්සලෙට ඉල්ලන මාලිමාවත් අල්ලලා එකම කුඩුවකට දාන්න බැරි ද? සජබේ නලින් බණ්ඩාරටත් එම චෝදනාවම තියෙන නිසා ඒකටම දාන්නත් පුළුවන්.

:       10       6

රටපෙරට Monday, 13 March 2023 01:45 PM

රට හදන්න ඉදිරියට එන්න ඉන්න තරුණ කොල්ලන්ට මෙහෙම කරන්න එපා. නැතිබැරි කමටනේ කසිප්පු විකුණලා තියෙන්නේ. අනික ඡන්දෙට වැඩකරන්න මුදල් රජයෙන් දෙන්නේ නැහැනේ. ඡන්දේ දින්නට පස්සේ මේ වැරදි වැඩවලින් නිදහස් වෙයි. මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු යවන්න සුදුස්සෙක් මේ....

:       1       5

පිටිගල මිලානෝ Monday, 13 March 2023 02:24 PM

කුඩ්ඩෝ ඇමතිකම් කරන පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕකත් ඉතාමත් අවම සුදුසුකමක්… මිනියක් දෙකක් මැරුවනම් ඕකත් එක්ක ජාඩියට මූඩිය වගේ ගලපගන්න පුලුවන්…

:       0       4

චූටයියා Monday, 13 March 2023 02:25 PM

වත්මන් ලංකාපාලුවො ගැන බලනවිට උන්ගෙන් සියයට අසූවක් පමණ කුමනහෝ අකටයුතුකම් කරන පිරිසක් කියන්න පුළුවන් පිරිසක් බලපත්‍ර ඇතුව මත්පැන් විකුණනවා පිරිසක් කසිප්පු පෙරනවා විකුණනවා තවත් ප්‍රදේශයක රජයේ ඉඩම් වල හෝ ඇළ දොල ගංගා ආදියේ අනවසර පතල් කපනවා තවත් කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරමුන් හැටියට ප්‍රශිද්ධව ඉන්නවා මේක ඇත්තද බොරුද සමීක්ෂණයක් කර බලන්න මේ අතර සැගවී කසිප්පු වෙළදාම හෝ කුඩු වෙළෙන්දන් පොහොට්ටු නායකයො වර්ණනා කර මැතිවරණ අවස්ථාල බැනර් ප්‍රදර්ශනය කරනවා ඕන කෙනෙකුට බැනරයක් දැක්කම නම අනුව පුද්ගලයා කවුද බලන්න පුළුවන්

:       0       7

ගමේ එකාලා Monday, 13 March 2023 06:52 PM

පොහොට්ටුවේ මන්ත්‍ර්‍රි කෙනෙක් වෙන්න ඒකත් සුදුසුකමක්... වැඩි හරියක්... ඉන්නේ මාල හොරු, කුඩු ජාවාරම් කාරයෝ, පාතාලකාරයෝ, මිනිමරුවෝ, කප්පම් කාරයෝ, ස්ත්‍ර්‍රි දූෂකයෝ වගේ අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 896 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site