
(මාදම්පේ හේරත්)
කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේනිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතඋඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගයලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මොහු කාලයක් තිස්සේ සිට කසිප්පුජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මාදම්පේ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහේෂ් උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් අමරසූරිය98817යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කසිප්පු පොහොට්ටුවා වගේම, පිටරට රස්සාවල් අරන් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑ මාලිමාවා සහ පොහොර නැවෙන් ගසා කැ වත්තල කවුන්සලෙට ඉල්ලන මාලිමාවත් අල්ලලා එකම කුඩුවකට දාන්න බැරි ද? සජබේ නලින් බණ්ඩාරටත් එම චෝදනාවම තියෙන නිසා ඒකටම දාන්නත් පුළුවන්.
රට හදන්න ඉදිරියට එන්න ඉන්න තරුණ කොල්ලන්ට මෙහෙම කරන්න එපා. නැතිබැරි කමටනේ කසිප්පු විකුණලා තියෙන්නේ. අනික ඡන්දෙට වැඩකරන්න මුදල් රජයෙන් දෙන්නේ නැහැනේ. ඡන්දේ දින්නට පස්සේ මේ වැරදි වැඩවලින් නිදහස් වෙයි. මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු යවන්න සුදුස්සෙක් මේ....
කුඩ්ඩෝ ඇමතිකම් කරන පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕකත් ඉතාමත් අවම සුදුසුකමක්… මිනියක් දෙකක් මැරුවනම් ඕකත් එක්ක ජාඩියට මූඩිය වගේ ගලපගන්න පුලුවන්…
වත්මන් ලංකාපාලුවො ගැන බලනවිට උන්ගෙන් සියයට අසූවක් පමණ කුමනහෝ අකටයුතුකම් කරන පිරිසක් කියන්න පුළුවන් පිරිසක් බලපත්‍ර ඇතුව මත්පැන් විකුණනවා පිරිසක් කසිප්පු පෙරනවා විකුණනවා තවත් ප්‍රදේශයක රජයේ ඉඩම් වල හෝ ඇළ දොල ගංගා ආදියේ අනවසර පතල් කපනවා තවත් කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරමුන් හැටියට ප්‍රශිද්ධව ඉන්නවා මේක ඇත්තද බොරුද සමීක්ෂණයක් කර බලන්න මේ අතර සැගවී කසිප්පු වෙළදාම හෝ කුඩු වෙළෙන්දන් පොහොට්ටු නායකයො වර්ණනා කර මැතිවරණ අවස්ථාල බැනර් ප්‍රදර්ශනය කරනවා ඕන කෙනෙකුට බැනරයක් දැක්කම නම අනුව පුද්ගලයා කවුද බලන්න පුළුවන්
පොහොට්ටුවේ මන්ත්‍ර්‍රි කෙනෙක් වෙන්න ඒකත් සුදුසුකමක්... වැඩි හරියක්... ඉන්නේ මාල හොරු, කුඩු ජාවාරම් කාරයෝ, පාතාලකාරයෝ, මිනිමරුවෝ, කප්පම් කාරයෝ, ස්ත්‍ර්‍රි දූෂකයෝ වගේ අය...