ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත මෝටර් රථ කොමසාරිස් ජනරාල් ධූරයට නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා හෙට (4) නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. 03 August 2022
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. 03 August 2022
බඩ ඉරිඟු මිල තීරණය කරයි මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 03 August 2022
උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2022
ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 03 August 2022
නීතිපතිගේ උපදෙස් නොතැකීම ගැන වාර්තාවක් ඉල්ලයි අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවස්ථා තුනක දී නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ලැබූ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත 03 August 2022
ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි. 03 August 2022
පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 03 උදෑසන ආරම්භ විය 03 August 2022
ඛනිජ තෙල් ලොක්කෙක්ගේ ඉන්ධන ජාවාරමක් මාට්ටු ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගින් ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 03 August 2022
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 August 2022
පුත්තලමේ තෙල් පෝලිමකත් මරණයක් පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 03 August 2022
ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිලිගැනීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. 03 August 2022
එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. 03 August 2022
අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව කල්ලංචිය පොලීසිය පවසයි. 03 August 2022
අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 August 2022
මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් අද (3) පැවසීය. 03 August 2022
ජනපති පැමිණේ පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය. 03 August 2022
අගමැති පාර්ලිමේන්තුවටට නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වුහ. 03 August 2022
දේවාන්නදාගෙන් යෝජනා 10ක් ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. 03 August 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමට සියල්ල සූදානම් නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (3) පෙරවරු 10:30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 03 August 2022
කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවතේදී එම උණ්ඩ 2 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 03 August 2022
මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදීමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 03 August 2022
අදත් තැන තැන තද වැසි නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 August 2022
රැට්ටාට ඇප අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (2) නියෝග කළේය. 02 August 2022
සර්ව පාක්ෂික සාකච්ඡා ඇරැඹෙි සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 02 August 2022
අත්අඩංගුවට නොගන්නැයි ජීවන්ත පීරිස් පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක් තමන් ත්‍රිවිධ හමුදාව මගින් හෝ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරී අරගල කරුවකු වන ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 August 2022
කොරෝනා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 02 August 2022
පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දික්වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 August 2022
මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 August 2022
මන්ත්‍රී ගෙවල් ගිනි තැබීම ගැන මානව කොමිසම සොයා බැලුවෙ නෑ ප්‍රචණ්ඩකාරීන් විසින් සිය නිවාස ගිනි තබා විනාශ කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇතත් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම මෙතෙක් හරියාකාරව ක්‍රියාත්මකවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා චෝදනා කළේය. 02 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025