IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැඩ වර්ජනයට දොස්තර සංසදය නෑ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

හෙට (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ලංකාදීපයට පැවැසීය.

ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවද  ඔහු සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත් අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට  යෑම  තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පැවසුවේය.

මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි  ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.

හරිනම් කරපු වින්නැහියට ඒ අයගෙන් වැඩි බදු අය කළ යුතු බව පැවසූ සභාපතිවරයා ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන ක්‍රියා මාර්ගයෙන්  ඉවත් වන්නැයි  සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.



අදහස් (8)

වැඩ වර්ජනයට දොස්තර සංසදය නෑ

සඳුන් Tuesday, 14 March 2023 08:38 PM

මෙයාට සංගමේ නමේ අකුරු ගානටත් දොස්තරල නෑ. හැබැයි හිසේ කෙස් ගානටම ඉන්නවා

:       0       4

ranjith Tuesday, 14 March 2023 08:54 PM

ඔය සංසඳයේ කීදෙනෙක් ඉන්නවද අනේ පවු

:       0       2

kasun Wednesday, 15 March 2023 05:16 AM

GMOA මෝඩ හොරු ටික ඉස්සෙල්ලම බාල්දි පෙරලන්නෙ රුක්ෂාන මහතාට තමා. එතුමා කෙලින් මනුස්සයෙක්

:       0       0

Lankaputha Wednesday, 15 March 2023 07:23 AM

ඔහු පමණක් සභාපති, ලේකම් ඔහුගේ සංවිධානයේ වෛද්‍යවරුන් වන ඔහුගේ පවුලේ සාමාජිකයන්ද?

:       5       7

රංජිත් Wednesday, 15 March 2023 07:29 AM

මුන් වැඩ වර්ජනය කලත් වැඩක් නෑ... සාමාජිකයො එක්කෙනයි නෙ... මූ විතරයිනෙ ඉන්නෙ...

:       6       8

නිශාන්ත Wednesday, 15 March 2023 07:39 AM

බොහොම හොඳයි හැබැයි රනිල් ජනාධිපති නිසා නෙමෙයි නේ

:       1       5

wedage Wednesday, 15 March 2023 09:56 AM

කොපමණ මුදලක් ලැබෙනවද දන්නේ නැහැ මේ කරන වැඩවලට.

:       4       7

චමින්ද Wednesday, 15 March 2023 10:51 AM

ඔබතුමාට අපේ ආචාරය පුදමු. මට මේ වෙලාවේ මතක් වෙනවා අභාවප්‍රාප්ත දොස්තර ලියනගේ මැතිතුමා... එතුමා එම්.ඕ.එච් කෙනෙක් වුණත් කිසිදාක රජයේ වැටුපක් ගත්තේ නැහැ... පුද්ගලික සේවයේ යෙදුනේත් නැහැ... ලොකු වාහන ගත්තේ නැහැ... නමුත් ඔහුට තිබුණා ජාතික කැක්කුමක්... ඒකයි එහෙම වුනේ. ඒ වගේම කියන්න ඕනෑ එතුමාට වසරකට ලැබියයුතු වැටුපට වඩා දෙගුණයක් තරම් ආදායම් බදුගෙවීම කළා. එහෙමයි ජාතිමාමක උතුමන්ලා ජනතාව වෙනුවෙන් සේවය කළේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site